ප්‍රධාන පක්ෂ දෙකටම : සිරිසේනගෙන් අලුත් ලනු !

ප්‍රධාන පක්ෂ දෙකටම : සිරිසේනගෙන් අලුත් ලනු !

ඉදිරි ජනාධිපතිවරණයේ දි අපේක්ෂකත්වය ලබාගැනීම වෙනුවෙන් ජනාධිපති සිරිසේන ප්‍රධාන පක්ෂ දෙක කැබළි කරගෙන සන්ධානයක් ගොඩනැගීමේ උත්සාහයක නිරතව සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය ධූරය ලබාදෙන බව දන්වමින් සිරිසේන ජනාධිපති සිය ගෝලයන් කිහිපදෙනෙකු යොදවා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාකච්ඡා කරන කටයුත්තේ නිරතව සිටින බවත් එම ආරංචිමාර්ග අවධාරණය කරයි.

දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන සහ කිසිවෙකු අසීරුතාවයට පත් නොවන ගෞරවණීය තීන්දුවකට එළැඹෙන බව ජනාධිපති සිරිසේන සඳහන් කරන්නේ මේ දේශපාලන උගුල සම්බන්ධ විශ්වාසයකින් බවත් ඒ හැර මේ වන විට ජනාධිපතිට කිසිඳු දේශපාලන ජනප්‍රියත්වයක් නොමැති බවය.

මේ වන විට අවම වශයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපති සිරිසේන මෙහෙයවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගත් 9%ක ජන්ද පදනම පවා නොමැති බවත් කවර පාර්ශවයක් නම්මවා ගනු ලැබුවත් එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා සිරිසේන ජනාධිපතිම නම් පරාජය ස්ථිර වූයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔහු කටයුතු කරතිබූ වගකීම් විරහිත ආකාරය අනුව බවත් එම ආරංචිමාර්ග අවධාරණය කරයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න