විසඳුම් නොලැබුණොත් අද හවස දුම්රිය වර්ජනය අනිවාර්යයි

විසඳුම් නොලැබුණොත් අද හවස දුම්රිය වර්ජනය අනිවාර්යයි

සිය ගැටලුවට විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් අද පස්වරුවේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තිය සමිති සදහන් කර සිටියි.

දුම්රිය මෙහෙයුම් අධක්ෂණ නිලධාරි වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේ පස්වරු 02.00ට මුදල් අමාත්‍යවරයා සමඟ සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබූ අතර, එය අ දින සවස 2.00 දක්වා කල් යැවිණ.

ඒ මුදල් අමාත්‍යවරයා සමඟ අද දිනයේ සාකච්ඡාවක් ලබා දෙන බවට ප්‍රවාහන අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුවකට අනුව වැඩවර්ජනය තාවකාලිකව නතර කිරීමට දුම්රිය වෘත්තිය සමිති ගත් තීරණයක් අනුවය.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා සමද අද සාකච්ඡා පැවැත්වෙනු ඇති අතර එහිදී ගැටලුවලට විසදුම් නොලැබුණහොත් දුම්රිය වර්ජනය ක‍්‍රියාත්මක වනු ඇත.

කෙසේ වුවද මීට මාස කිහිපයකට පෙරද මේ ආකාරයේ දුම්රිය වර්ජනයක් ක‍්‍රියාත්මක කළ අතර එහිදීද ඔවුන්ගේ වැටුප් පිළිබද ගැටලු මතු කරනු ලැබීය. එහිදී මතු වූ ප‍්‍රධාන කරුණු වූයේ රාජ්‍ය සේවකයන් ලෙස ඔවුන් විශාල වැටුපක් ලබන බවත් අදාළ වැඩ වර්ජන පිටුපස විපක්ෂ දේශපාලන බලවතුන් සිටින බවත් පැහැදිලි විය.

 

ජනතාව පවසන්නේ මොවුන්ගේ ඉල්ලීම් අතිශය අසාධරාණ ඉල්ලීම් වන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න