මුස්ලිම් සමාජයේ කාන්තාව දරුවන් බිහිකරන අක්‍රීය යන්ත්‍රයක් බවට පත්කර ඇති බවත් එවැනි තත්ත්වයක් ඇති නොකරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි.දිසානායක ඉල්ලයි.
අද(20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.
මුස්ලිම් කාන්තාවට අනෙක් ජන සමාජය සමඟ ආදරයෙන් ජීවත් වීමට අවස්ථාව ලබා දිය හැකි පරිසරයක් නිර්මාණය කර දෙන ලෙසද මෙහිදී මන්ත්‍රීවරයා ඉල්ලීමක් කර ඇති අතර මුස්ලිම් ජනතාව මහ ජාතියෙන් වෙන් කරීමට උත්සහ නොකරන මෙන් මුස්ලිම් මවුලවිවරුන්ගෙන් හා උගත් මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පවසා තිබේ.
සිංහල බෞද්ධ ජන්ද ඉලක්ක කරගෙන විකාර කියවනවා !
මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ සිංහල බෞද්ධ ජන්ද පදනම ඉලක්ක කරගෙන එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා විකාර කියවන්නෙකු බවට පත්ව ඇති බවයි.
දරුවන් සීමා කිරීමක් සම්බන්ධව මෙරට තුළ නෛතික වාරණයක් නැති බවත් එවැනි පසුබිමක උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා වැනි විහිලු සහගත ඊනියා දේශප්‍රේමීන්ගේ රංගනයන් දැක එස්.බී මන්ත්‍රීවරයාද එවන්නෙකු වීමේ උත්සාහයක් මේ හරහා පෙන්නුම් කරන බවත් විචාරක අදහස වී තිබේ.
මේ වන විට මෙරට සංඝ සංස්ථාව නියෝජනය කරන පිරිසක් අන්ත ජාතිවාදී ගොහොරුවක් වෙත රට මෙහෙයවමින් සිටින බවත් ඒ තත්ත්වය බුද්ධියෙන් යුතුව තේරුම් නොගතහොත් ලංකාව මිහිපිට නිරයක්වීම වැළක්විය නොහැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

