නීතිපතිගේ ඉල්ලීමක් : ජෙෆ්රි ඇලෝසියස්ගේ විදෙස් ගමන් තහනම යළිත් !

නීතිපතිගේ ඉල්ලීමක් : ජෙෆ්රි ඇලෝසියස්ගේ විදෙස් ගමන් තහනම යළිත් !

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාඟමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්ගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරමින් ලබාදී තිබූ නියෝගය අවලංගු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.

තම සේවාදායකයාට ජූලි මස 01 වැනිදා සිට අගෝස්තු මස අගෝස්තු මස 07 වැනිදා දක්වා ඉන්දියාවේ සහ කැනඩාවේ සංචාරය කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවත් එම කාලසීමාව තුළ අධිකරණය මගින් පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසත් ජෙෆ්රි ඇලෝසියස් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් සිදුකළ ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න එම විදෙස් ගමන් තහනම අදාල කාලසීමාව තුළ ඉවත් කළාය.

පසුව නීතිපතිවරයා විසින් මෝසමක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ බැදුම්කර වංචාවට සම්බන්ධ බවට සැකකෙරෙන ජෙෆ්රි ඇලෝසියස් නැමැත්තාට එරෙහිව ස්ථිර මහාධිකරණයේ නඩු පැවරීමට තීරණය කර ඇති බැවින් සැකකරුට විදේශ ගතවීම සඳහා නිකුත් කර ඇති අවසරය අවලංගු කරන ලෙසය.

ඒ අනුව අද(20) නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥ ලක්මිණී කිරියාගම සිදුකල කරුණු දැක්වීම මත සැකකාර ජෙෆ්රි ඇලෝසියස් වෙත පසුගිය 13 වැනිදා ලබාදී තිබූ විදෙස් ගමන් ලිහිල් කිරීමේ නියෝගය අත්හිටුවා තිබේ.

ලබන මස මුල් දෙසතිය තුළ මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධව ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු 10කට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව ලක්මිණී කිරියාගම ප්‍රකාශ කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න