රනිල්ගේ ආශිර්වාදයෙන් සජිත් ජනාධිපති වෙනවා : රත්නපුරේදී තලතාගෙන් සහතිකයක් !

රනිල්ගේ ආශිර්වාදයෙන් සජිත් ජනාධිපති වෙනවා : රත්නපුරේදී තලතාගෙන් සහතිකයක් !

"අපි ඔක්කොම බලා ගෙන ඉන්නවා සජිත් ඇමතිතුමා ජනාධිපති වෙනවා කියලා ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඒ ගැන කිසි සැකයක් තියා ගන්ඩ එපා'' යැයි තලතා අතුකෝරළ අමාත්‍යවරිය පවසයි.

රත්නපුර දිස්ත්‍රීක්කයේ, කහවත්ත, බුංගිරියේ, ඉදි වු 204 වන ආදර්ශ ගම්මානය කටුරොදගම ඊයේ (20) දිනයේදී නිවාස ඉදි කිරීම් හා සංස්කෘතික කටයුතු සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීම සිදු කළ අතර එහිදී අදහස් දක්වමින් නීතිඥ තලතා අතුකෝරළ ඇමතිවරිය මෙම අදහස් පළ කළාය.

''අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශිර්වාදය ඇතිව අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ අවස්ථාව ලබා ගන්නවා'' යයි ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියාය.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

''සජිත් ඇමතිතුමා අපි නම් ඔක්කොම බලා ගෙන ඉන්නවා එතුමා ජනාධිපති වෙනවා කියලා .ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඒ ගැන කිසි සැකයක් තියා ගන්ඩ එපා .අපි මේකට කැප වුණේ අද ඊයේ නෙවෙයි. අපි සෑහෙන කාලයක් තිස්සේ ඉදලා දුප්පතාගේ දුක හදුනන පොළොවේ පය ගහලා ඉන්න තමුන්නාන්සේලා වෙනුවෙන් සේවය කරන නායකයෙක් අපේ පක්ෂයෙන් ජනාධිපති කරන්න අපි ඇප කැප වෙනවා කියන එක මතක් කරන්න ඕන.

ඒක අපේ පක්ෂයේ නායකතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශිර්වාදය ඇතිව අපි අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ අවස්ථාව ලබා ගන්නවා. ''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න