මහින්දට කියන්න දෙයක් නෑ : ගෝඨා තමයි අපේක්ෂකයා !

මහින්දට කියන්න දෙයක් නෑ : ගෝඨා තමයි අපේක්ෂකයා !

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා විපක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ පමණක් බව මහාචාර්ය නලින් ද සිල්වා පවසයි.

එය මහින්ද රාජපක්ෂ විසින් තෝරන්නට දෙයක් නැති බවත් එය පොදු මහ ජනතාවද විසින් එය තෝරා අවසන් බවත් ඒ මහතා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ ‘ජාතික සමතා බලවේගය’ විසින් කොළඹ දී පැවැත්වූ සම්මන්ත‍්‍රණයක් අමතමිනි.

එම සම්මන්ත්‍රණය අමතමින් පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂට පොහොට්ටු වාහනය සූදානම් නැතිනම් තවත් වාහනයක් පස්ස දොරෙන් සූදානම් කර ගත යුතුව ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂව යම් සිරකිරීමට ලක් සිර කිරීමකට ලක්කර එම වාහනයේ වෙනත් පුද්ගලයෙක් නැග ඒමට සූදානම් බවට තොරතුරු ඇති බවද වහන්සේ කියා සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න