ඌන උපයෝජිත වත්කම් පනත අහෝසියි !

ඌන උපයෝජිත වත්කම් පනත අහෝසියි !

සෙවනගල හා පැල්වත්ත සීනි සමාගම් ඇතුලු ව්‍යාපාර 37ක් 2011 වසරෙදී රජයට පවරා ගත් ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හො ඌන උපයෝජිත වත්කම් රජයට පවරා ගැනීමේ පනත් කෙටුම්පත ඉවත් කර එම ආයතන මහාභාණ්ඩාගාරයට පැවරීම සඳහා ඊයේ (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත වැඩිඡන්ද 22කින් සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 91ක්ද,විපක්ෂව ඡන්ද 69ක්ද ලැබී තිබුණි.

සෙවනගල හා පැල්වත්ත සීනි සමාගම් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඉදිරියටත් පාලනය වන බව විෂය භාර අමාත්‍ය නවීන් දිසානායක පැවසීය.

මේ වනවිට එම සමාගම් දෙක ලාභ ලබමින් හොඳ තත්ත්වයක පවතින බවත්, කවුරුන් හෝ කොලේ වසා කටයුතු කිරීමට උත්සහ කළහොත් තමා ඊට විරුද්ධවන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

මෙම සීනි සමාගම් දෙක ඉදිරියටත් ආරක්ෂා කරන බවත්, අද රට වෙනස්වී තිබෙන බැවින් හොර රහසේ කිසිවක් සිදුකළ නොහැකි බවත් හෙතෙම කීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න