පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජය සමඟ ව්‍යාපාර කිරීම මන්ත්‍රී ධූර අහෝසිවීමේ වරදක්ව තිබියදී වත්මන් පාර්ලිමේන්තුවේ සිටින එවැනි මන්ත්‍රීවරුන් පිළිබඳ ඉක්මන් විගණනයක් සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ක්‍රියා කරන බව පුනරුද ව්‍යාපාරය වෙනුවෙන් වික්ටර් අයිවන් මහතා කතානායකවරයා හා විගණකාධිපතිවරයා වෙත දැනුම්දී තිබේ.
මහජන මන්ත්‍රීවරුන් නීතියට පටහැනිව රජය සමග ව්‍යාපාර කරන්නට ඉඩහැර තිබීම පාර්ලිමේන්තුව දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන වරදක් බව පෙන්වා දෙන ඔහු එම වරද පළමුව රටට පෙන්වාදීමේ ගෞරවය අධිකරණයට හිමිවන බවද ප්‍රකාශ කරයි.
අධිකරණයේ එම ජනහිතකාමී ව්‍යවස්ථාමය ස්ථාවරය යළි අධිකරණයට පෙන්වාදී , නීතියට පටහැනිව රජය සමග ව්‍යාපාර කරන මහජන නියෝජිතයන් ගැන ඉක්මන් විගණනයක් සදහා වන නියෝගයක් අධිකරණයෙන් ලබාගැනීම තුළින් එම මන්ත්‍රීවරුන් ධූරවලින් ඉවත් කිරීම සහ ඉදිරි ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කිරීමේ අයිතියත් ඔවුන්ට අහිමි කිරීමට අපේක්ෂා කරන බවත් වික්ටර් අයිවන් මහතා පවසයි.
ඔහු මේ සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය හට යොමුකළ ලිපියට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා කියා සිටින්නේ ඒ පිළිබඳ නෛතික පියවර ගැනීමේ හැකියාව ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට හා නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනයන්ට බවය.
නීතිමය පියවර ගැනීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොපමණ පිරිසක් එම වරද කරන්නේද යන්න සොයා බැලීමේ වගකීමක් කතානායකට තිබෙන බව ඊට පිළිතුරු ලිපියක් යොමුකරමින් අයිවන් මහතා සදහන් කරන අතර ඒ සදහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග දෙකක් ද යෝජනා කර තිබේ.
(රාවය )

