වැලිකඩ බන්ධනාගාරයේ 2012 දී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධ නඩුව විභාග කිරීම සදහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කිරීමට කටයුතු කරන ලෙස අගවිනිසුරුවරයා වෙතින් ඉල්ලා සිටීමට නීතිපතිවරයා කටයුතු කර ඇත.
බන්ධනාගාරයේ සිරකරුවන් අතර ඇතිවූ ගැටුමකින් පසුව ඒ වෙත පැමිණි ආරක්ෂක අංශ තෝරාගත් ලයිස්තුවකට අනූව අදාල සිරකරුවන් ඝාතනය කළ බවට චෝදනා එල්ලවී ඇති මේ නඩුව මෙරට මහත් ආන්දෝලනයට තුඩුදුන්නක් විය.
මේ නඩුවේ පළමු විත්තිකරු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් වන අතර දෙවැනි විත්තිකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවය.
මේ සම්බන්ධව රාජපක්ෂ රෙජීම පාලන සමයේ දී මෙන්ම ඉන් පසුවත් අදාල ඝාතන සදහා නියෝග නිකුත්කර ඇති බවට ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙතද චෝදනා එල්ලවිය.

