දේශපාලනය කරන්න නම් සාමාන්‍ය පෙළවත් තිබිය යුතුයි : පත්වීම් ලිපි ප්‍රධානයේදී රවී කියයි !

දේශපාලනය කරන්න නම් සාමාන්‍ය පෙළවත් තිබිය යුතුයි : පත්වීම් ලිපි ප්‍රධානයේදී රවී කියයි !

වැඩිකල් යන්නට මත්තෙන් මේ රටේ ජනාධිපතිවරණයක් පවත්වනවා. ඒ තුළින් මේ රටේ ඉදිරි අනාගතය කුමන ආකාරයෙන්ද වෙනස් වන්නේ කියන එක තීරණය වනවා. අපි අදුරේ අතපත ගාන්නේ නැතිව, දක්ෂයට සුදුසු තැන දීලා, හැකියාවට තැන දීලා, මේ රට දියුණුවේ මාවතට ගෙනයන්න අවස්ථාවක් උදාකරගත යුතුයි. අප රට ගැන ඉදිරියට හිතනවානම්, රට ඉදිරියට ගෙනයනවානම්, ආයතනයක් තුළ වගේම රටේ දේශපාලනය තුළ, දේශපාලන පක්ෂ තුළ විනයක් ඇති කල යුතුයි. ලංවිම තුළ අවම මට්ටමේ රැකියා අවස්ථාවක් ලබාගන්නත් අ.පො.ස. සාමාන්‍ය පෙළ අවශ්‍යයි. නමුත් අපේ රටේ දේශපාලන ව්‍යුහය තුල දේශපාලඥයෙකුට කිසිම සුදුසුකමක් නැතිවත් ජනාධිපති වෙන්න අවස්ථාවක් තියෙනවා. ආයතනයක් පවත්වාගෙන යන්න අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යනම්, රටක් පාලනය කරන්න අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැද්ද. මේ රටේ දේශපාලනය කරන්න නම් අවම වශයෙන් අ.පො.ස. සා/පෙලවත් තිබිය යුතුයි කියලා මම යෝජනා කරනවා. මේ තුළින් ඉදිරියට යද්දි, මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක්. අමාත්‍යවරයෙක්, අගමැතිවරයෙක් වගේම ජනාධිපතිරයෙක් බවටත් පත්වෙන්න අවස්ථාව ලබාදිය යුතුයි. නමුත් මේ එක් එක් පියවර වෙනුවෙන් වෙනවෙනම අධ්‍යාපන සුදුසුකම් සලකා බැලිය යුතුයි. මේ තත්ත්වය ඇතිකල යුතුයි. ඒ ආකාරයෙන් නැති එකේ ප්‍රථිවිපාක තමයි අද පේන්න තිබෙන්නේ. ඉදිරියේදී එළඹෙන ජනාධිපතිවරණයට සෑම පකෂයකින්ම අපේක්ෂකයින් ඉදිරිපත් කරයි. අධ්‍යාපන සුදුසුකම් සමග දක්ෂතාව ඉස්මතු කරන්න පුළුවන්, පරිනත දේශපාලඥයෙක් තමයි අපි ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරන්නේ. අපට අවශ්‍ය වන්නේ දක්ෂ නායකත්වයක්. ඒ නිසා රෑ වැටුණ වලේ දවල් වැටෙන්න ඕන නැහැ" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, ලංකා විදුලිබල මණ්ඩලයේ නව පත්වීම්ලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

බන්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (21) පැවති මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනාධිකාරියේ විශාල පිරිසක් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසකුත් සහභාගි වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය රවී කරුණානායක මෙසේද පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලය කියන්නේ සාමාන්‍ය සේවා ස්ථානයක් පමණක් නෙමෙයි. මේ ආයතනය මුළු රටටම බද්ධ වෙලා, රටේම අවශ්‍යතාවක් බවට පත්වෙලා තිබෙන සංකීර්ණ ආයතනයක්. ලක්ෂ 68 ක් පමණ පිරිසකට සේවා සපයන එකම ආයතනය බවට අද මේක පත්වෙලා. මේ නිසා තමයි නව ආණ්ඩුවක් ගොඩනගන්න අත දුන්න මන්ත්‍රීවරු සියළු දෙනාගේම ප්‍රදේශයන් වලට මෙම ආයතනයේ රැකියා අවස්ථාවන් බෙදීයන ආකාරයෙන්, හැකියාව සහ දක්ෂතාව මත ලබාදෙන්න තීරණය කළේ. මිට ඉහතදි ලංවිම රැකියා අවස්ථාවන් එක ප්‍රදේශයක පිරිසකට පමණක් සීමා වෙලා තිබුණා. මගේ රාජ්‍ය අමාත්‍යවරයාට මේ අවස්ථාවේ ස්තුතිවන්ත වියයුතුයි මේ ක්‍රියාවලිය මේ ආකාරයෙන් සිදුකිරීමට මට අදහස් සහ සහාය ලබාදුන්නට.

ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂත්වය තමයි, මෙහි රැකියාවක් ලබාගන්න බැහැ අධ්‍යාපන සුදුසුකම් නොමැතිව. සහජ හැකියාවන් සහිත, බුද්ධිමත්, රට වැඩක් කලහැකි පිරිසකට තමයි ලංවීම ආයතනික ව්‍යුහය තුළින්ම රැකියාවක් සදහා අවස්ථාව සැලසෙන්නේ. සුදුසුකම් නොමැති දේශපාලන හෙන්චයියන්ට මෙම ආයතනයේ රැකියා ලැබෙන්නේ නැහැ. ජනාධිපතිට, අගමැතිට, ඇමතිවරයෙක්ට, මන්ත්‍රීවරයෙක්ට වගේම මේ රටේ බහුතරයකට නොලැබෙන ආකාරයේ වැටුපක් තමයි ලංවිම සේවකයෙක්ට හිමිවන්නේ. වැටුප නෙමෙයි වැදගත් වෙන්නෙ. ඒ වැටුපට සරිලන සේවයක් සැපයීමයි. ලංකා විදුලිබල මණ්ඩලය දැවැන්ත ආයතනයක් වුවත්, අද මෙවැනි තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ නිවැරදි නායකත්වයක් නොලැබීම නිසයි. මම ලංවිම ට අභියෝගයක් ඉදිරිපත් කරලා තිබෙනවා. තමාගේ දක්ෂතාවය තුළින් ලංකාව පමණක් නෙමෙයි, අසල්වැසි රටවල් ආක්‍රමණය කරන්න කියලා. ඒ තුළින් ජාත්‍යන්තර තලයේ ආයතනයක් බවට පත් කරන්න කියලා. අපි ජනනාවට සහන සැලසිය යුතුයි. නමුත් එයින් ආයතනයට ලැබෙන පාඩුව දරාගත හැකි මට්ටමක පැවතිය යුතුයි. ගැටළුව තමයි, අවම මිලකට විදුලිය නිපදවන්න පුළුවන්කම තිබියදී, වැඩි මිලකට ජනනය කිරීම. ඒ තතත්වය අපි නිවැරදි කළ යුතුයි. ඒ සදහා යම් කාලයක් යයි. නමුත් ආයතනයේ සියලු පිරිස් වල අදහස් අරගෙන ආයතනය තුළ සැබෑ වෙනසක් ඇතිකරගෙන යනවා "යැයි පැවසීය.

{gallery}ravi-ka{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න