ගෞරවාන්විත ලෙස තමන් ඉවත්වන බව ජනපති සිරිසේන ප්‍රකාශ කර ඇති බවත් ඔහුගේ අනුගාමිකයන් වෙනත් ප්‍රකාශ කරන බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පැවැසීය.
ඊයේ (20) පස්වරුවේ බෙල්ලන්විල විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කර තිබේ.
“එතුමා (ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා) කියලා තිබෙනවා මම එන්නේ එක්වරයි. එදා වචනයක් කිව්වනේ. මගේ කාර්ය භාරය ඉටුකරලා මම ඉවත්වෙනවා. ගෞරවාන්විත ලෙස ඉවත්වෙනවා කියලා. එතුමා කියලා නෑ (නැවත තරග කරනවා කියලා) ගෝලයේ තමයි නොයෙක් දේවල් කියන්නේ.”

