පාස්කු විමර්ශන කියා : පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරු !

පාස්කු විමර්ශන කියා : පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරු !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව මූලික පරීක්ෂණයක් සිදු කිරීම සඳහා සේවයේ අවශ්‍යතාවය මත සිදු කරනු ලබන ස්ථාන මාරු කිරීම් වලට අදාල අනුප්‍රාප්තික නිලධාරින් වන උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ස්ථාන මාරුකර ඇති බව වාර්තා වෙයි.

මේ සදහා ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබාදී ඇති බවත් දැනගන්නට ඇත.

එම නිලධාරීන් මෙසේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන – වයඹ හා උතුරු මැද පළාත භාර ජ්‍යෙ.නි.පො.ප තනතුරේ සිට ක්ෂේත්‍ර බලකා,රථවාහන හා බස්නාහිර පළාත භාර ජ්‍යෙ.නි.පො.ප ලෙස

නියෝජ්‍ය පොලිස්පති වී.පී.සී.ඒ සිරිවර්ධන – පුත්තලම දිසාව භාර නි.පො.ප තනතුරේ සිට කොළඹ දිසාව භාර නි.පො.ප ලෙස

නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එම්.ආර්.එම්. වැලිකන්න – ප්‍රවාහන හා සංදේශ දිසාව භාර නි.පො.ප තනතුරේ සිට බස්නාහිර පළාත උතුර දිසාව භාර නි.පො.ප ලෙස

නියෝජ්‍ය පොලිස්පති ඩබ්.කේ. ජයලත් – නි.පො.ප කුරුණෑගල දිසාවට අමතරව පුත්තලම දිසාවේ වැඩ බලන නි.පො.ප ලෙස

නියෝජ්‍ය පොලිස්පති ටී.එම්.ඩබ්.ඩී. දේශබන්දු තෙන්නකෝන් – බස්නාහිර පළාත උතුර දිසාව භාර නි.පො.ප තනතුරේ සිට අපරාධ / අපරාධ බුද්ධි හා ප්‍රජා පොලිස් දිසාව භාර නි.පො.ප ලෙස

නියෝජ්‍ය පොලිස්පති එල්.එස්. පතිනායක – කොළඹ දිසාව භාර නි.පො.ප තනතුරේ සිට ප්‍රවාහන හා සංදේශ දිසාව භාර නි.පො.ප ලෙස

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. කඩුපිටිය – ත්‍රිකුණාමලය කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට මීගමුව කොට්ඨාස භාර නිලධාරි ලෙස

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.කේ.චන්දන අතුකෝරල – මීගමුව කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට ත්‍රිකුණාමලය කොට්ඨාස භාර නිලධාරි ලෙස

පොලිස් අධිකාරී සී.එම්. බණ්ඩාර – කොළඹ උතුර කොට්ඨාසයේ සිට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත

සහකාර පොලිස් අධිකාරී කේ.එම්.පී.එස්.බී. කුමාරසේකර – මීගමුව කොට්ඨාසයේ සිට මුලතිව් කොට්ඨාසය වෙත

සහකාර පොලිස් අධිකාරී සී.ආර්. කොට්ටහච්චි – අධිකරණ ආරක්ෂක කොට්ඨාසයේ සිට මීගමුව කොට්ඨාසය වෙත

සහකාර පොලිස් අධිකාරී එච්.බී.එස්.එස්. සිසිල කුමාර – මීගමුව කොට්ඨාසයේ සිට ගාල්ල කොට්ඨාසය වෙත

පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ටී. රාජපක්ෂ – මන්නාරම කොට්ඨාසයේ සිට කටාන පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති ලෙස

පොලිස් පරීක්ෂක ඩබ්.ඩී.කේ.සී. නවරත්න – කටාන පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට මන්නාරම කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා

පොලිස් පරීක්ෂක වීරසූරිය – ජම්පටාවීදිය පොලිස් මුරපොළේ ස්ථානාධිපති තනතුරේ සිට ගල්කිස්ස කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා

මීට අමතරව පහත සඳහන් ස්ථාන මාරුවීම් ද පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලැබ තිබේ.

පොලිස් අධිකාරී විජිත ද අල්විස් – මහනුවර කොට්ඨාසයේ සිට කෑගල්ල කොට්ඨාසය වෙත

පොලිස් අධිකාරී ජේ.ඒ.කේ.ජයසිංහ – අගමැති ආරක්ෂක කොට්ඨාසයේ සිට හනුවර කොට්ඨාසයේ දිස්ත්‍රික් I භාර නිලධාරි ලෙස

කා.පො.අ පී.ජේ. මධාරා ආරියසේන – කැලණිය කොට්ඨාසයේ සිට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස

සහකාර පොලිස් අධිකාරී ඩී.යූ.එල්. රත්නායක – කිලිනොච්චිය කොට්ඨාසයේ සිට ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාසය වෙත

සහකාර පොලිස් අධිකාරී ආර්.පී.පී.පී.ආර්. පෙරේරා – කන්කසන්තුරය කොට්ඨාසයේ සිට කිලිනොච්චිය කොට්ඨාසය වෙත

පොලිස් පරීක්ෂක කේ.එම්.කේ. බණ්ඩාර – පුනරින් ස්ථානාධිපති තනතුරේ සිට හසලක ස්ථානාධිපති ලෙස

පො.ප එස්.අයි. රණවීර – සාලියවැව පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා නුගේගොඩ කොට්ඨාසය වෙත

ලෙසය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න