ඇමෙරිකාවේ ආයතනයකින් වැටුප් ගෙවන උපදේශකවරයෙක් කතානායක කරු ජයසූරිය ට සේවය කරන බවට ඇතැමුන් නගන චොදනා පදනම් විරහිත බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමත් අප රටට නව සංකල්පයක් වන ආංශික අධීක්ෂණ කමිටු ශක්තිමත් කිරීම මෙන්ම ශ්‍රී ලංකාව විසින් හඳුන්වා දුන් ''රාජ්‍ය තාන්ත්‍රික පාර්ලිමේන්තු සහජීවන'' (Parlimentary Diplomacy) ව්‍යාපෘතියට අවශ්‍ය වන්නා වූ සහාය වීමත් සඳහා උපදේශකයින් දෙදෙනෙකුගේ සහය ලබාගෙන ඇතැයි පවසන සභානායකවරයා, ලෝකයේ ආදර්ශමත් නවීන පාර්ලිමේන්තුවක් වශයෙන් අප උපයා ගත් ගෞරවය ආරක්ෂා කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පූර්ණ වශයෙන් කැප වන බවට ද සහතික වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ විසින් පසුගියදා පාර්ලිමේන්තුව තුලදී කරනු ලැබූ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් සභානායකවරයා එබව සඳහන් කළේය.
ඇමෙරිකාවේ ආයතනයකින් වැටුප් ගෙවන උපදේශකවරයෙක් කතානායක කරු ජයසූරිය මහතාට සේවය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ජූනි 19 වැනි බදාදා ප්‍රකාශ කළේය. අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙක්ද වූ ප්‍රසාද් කාරියවසම් මහතා මෙසේ බඳවාගෙන ඇති බව ද දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා එහිදී පැවසිය.
ඉන් අනතුරුව අදහස් දැක්වූ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ වෙනත් රටකින් වැටුප් ගෙවන උපදේශකයෙක් පාර්ලිමේන්තුවට නොගැලපෙන බවත් අවශ්‍යනම් පාර්ලිමේන්තුවෙන් වැටුප් ගෙවන උපදේශකයෙක් බඳවා ගන්නා ලෙසයි.
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ හා විපක්ෂ නායකවරයාගේ එම ප්‍රකාශ සම්බන්ධයෙන් කිරිඇල්ල අමාත්‍යවරයා ඊයේ (21)පාර්ලිමේන්තුවේදී මෙසේ කරුණු ගෙන හැර දැක්විය.
එය පහත දැක්වෙයි.



.


