පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව එළඹෙන ජූලි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පවසයි.
විශේෂ කාරක සභාව අද (26) පස්වරුවේ යළි රැස්වන අතර යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අද මෙම විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතය.
මේ සම්බන්ධව වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය කතානායකවරයා පවසා ඇත්තේ "අපි මුලින්ම කැඳවන්න සූදානම් වෙලා ඉන්නේ...හමුදාපතිතුමායි. මොකද ඒකෙදි නිශ්චිත කාරණයක් පිළිබඳ ඇසීමට තියෙනවා. ඒ නිසයි අපි එතුමාව කැඳවන්නේ. වැඩි වෙලාවක් යන වැඩපිළිවෙලක් නෙමෙයි. ඒ අනුව අවසාන වශයෙන් කැඳවීමට තීරණය කරලා තියෙන්නෙ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්වයි." යනුවෙනි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කොට පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත්කෙරුණු මෙම විශේෂ තේරීම් කාරක සභාව පිහිටුවීමේ මූලික කරුණු අතර හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට අන්තවාදීන් හා සබදතා පැවැත්වූ බවට ඒකාබද්ධ විපක්ෂය නැගූ චෝදනාවද වෙයි. ඔවුන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්ද සභාගත කෙරුණු අතර රිෂාඩ් බදියුදීන් ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන මුස්ලීම් අමාත්‍යවරුන් සිය ධූර වලින් ඉල්ලා අස්වූයේද චෝදනා සම්බන්ධව සිදුකරන මූලික විමර්ශන වෙත සහය දැක්වීමක් වශයෙනි.

