ජනපති සිරිසේන මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය සිය විරෝධය දක්වා තිබේ.
බ්‍රිතාන්‍යයේ විදේශ කාර්යාලය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවෙන් ලැබෙන වාර්තා සම්බන්ධයෙන් ගැඹුරින් අවධානය යොමුකර ඇති බවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ හොත් ලංකාව සමග නීතිමය ගැටලු හා කටයුතු කිරීමේදී ඉතාමත් අපහසු වන බවය.
ප්‍රති ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් එංගලන්තය ලබාදෙන සහාය මෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්ෂක ගැටලු, ප්‍රතිපත්ති සකස් කිරීම ඇතුළු විවිධ අංශයන් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ලබාදෙන තාක්ෂණික සහාය පිළිබඳව නැවත සළකා බැලීමට සිදුවෙනු ඇති බවත් එම කාර්යාලය සඳහන් කරයි.
මීට මාස හයකට පෙරාතුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට ගෙන ආ යෝජනාවට ශ්‍රී ලංකාව පක්ෂව ඡන්දය දුන් බවත් එම ස්ථාවරයෙන් ඉවත්වීම සංචාරක ගමනාන්තයක් හා ව්‍යාපාර සඳහා නැගී එන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට ගැටලුවක් බවත් බ්‍රිතාන්‍ය සඳහන් කරයි.
සිරිසේන ජනාධිපති ජාත්‍යන්තරයට !
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය ලෝ ප්‍රකට ව්‍යාපාරික රිචඩ් බ්‍රැන්සන් සිය විරෝධය දක්වා තිබේ.
ඔහු පවසන්නේ මරණ දඬුවම යනු විසඳුමක් නොවන බවයි. එසේම ශ්‍රී ලංකා ජනතාවට මීට වඩා හොඳ දේවල් ලැබිය යුතු බවත් ඔහු ප්‍රකාශ කරයි.
ලෝ ප්‍රකට ව්‍යාපාරික රිචඩ් බ්‍රැන්සන් සිය ට්වීටර් ගිනුමේ මේ අදහස් දක්වා ඇත.


