ජනාධිපති පෞද්ගලික සංචාරයක : වැඩබලන ආරක්ෂක ඇමති රුවන් !

ජනාධිපති පෞද්ගලික සංචාරයක : වැඩබලන ආරක්ෂක ඇමති රුවන් !

වැඩබලන ආරක්ෂක අමාත්‍යධුරය සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පත්කර ඇත.

ජනාධිපති සිරිසේන විසින් මේ පත්වීම සිදුකර ඇති අතර ඒ ජනාධිපතිවරයා අද (09) විදෙස් සංචාරයක් සඳහා එංගලන්තය බලා පිටත්ව ගිය නිසාය.

ඒ හේතුවෙන් රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මෙලෙස පත් කර තිබේ.

සංචාරය පෞද්ගලිකයි !

ජනපති සිරිසේනගේ මේ එංගලන්ත සංචාරය පෞද්ගලික සංචාරයක් වන අතර ඒ ඔහුගේ පුත් දහම් සිරිසේනගේ උපාධි ප්‍රදානොත්සවයකට එක්වීම සඳහාය. මේ හේතුවෙන් සාමාන්‍යයෙන් අඟහරුවාදා දිනයේදී පැවැත්වෙන කැබිනට් රැස්වීමද ඊයේ (08) දින පැවැත්වීමට කටයුතු යොදා තිබිණ.

යන්තම් මොළේ පෑදිලා !

මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ ජනාධිපති සිරිසේන මේ මොහොතේ හෝ දේශපාලන කුහකත්වයෙන් තොරව මොලේ ඇති වැඩක් සිදුකර ඇති බවය.

පාස්කු ප්‍රහාරයට පෙරත් මේ ආකාරයට කටයුතු කළා නම් ජනාධිපති සිරිසේන මෙතරම් ජනතා අප්‍රසාදයට ලක්නොවීමට ඉඩතිබු බවත් ඔවුන් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න