ගෝඨාගේ දස පනතට : ඒකාබද්ධයේ අභ්‍යන්තර විරෝධයක් - මහින්දත් විරුද්ධයි !

ගෝඨාගේ දස පනතට : ඒකාබද්ධයේ අභ්‍යන්තර විරෝධයක් - මහින්දත් විරුද්ධයි !

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කිරීමට බලපෑම් කිරීමේ අරමුණින් යුතුව ඔහුට හිතවත් භික්ෂුන් වහන්සේලා කිහිප නමක් විසින් පිහිටුවා ගත් 'විද්වත් භික්ෂු සංසදයේ' අලුත් වැඩසටහනක් වන 'නූතන දස පනත' ව්‍යාපෘතියට ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තරයෙන් ම බරපතල විරෝධයක් එල්ලවී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කිරීම සඳහා මෙසේ බාහිර බලපෑම් එල්ලවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ නොසතුට පලවී ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.

රටේ උද්ගතව ඇති ගැටලුවලට විසඳුම් ලබාදීමේ අරමුණ ඇතිව බව පවසමින් ජාතික විද්වත් භික්ෂු සංසදය ස්ථාපනය කළ මහජන අදහස් ලබාගැනීමේ කොමිසමේ පළමු සැසිය පසුගිය 04දා පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙනේදී පැවැත්වුණි.

samansena1

මීළඟ ජනාධිපතිවරණය අපේක්ෂකයාට සහය ලබාදීම සඳහා සකස් කෙරෙන නූතන දස පනතට මහජන අදහස් ලබාගැනීමේ පළමු පියවර ලෙස එදින (04) අදහස් ලබා ගැනුණේ ව්‍යාපාරික ප්‍රජාවෙනි.

මෙම කොමිසමේ මුලසුන හම්බ වනු ලැබුවේ බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් විසිනි. කොමිසමේ සාමාජික ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි. මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද හිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි, ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමියන් කටයුතු කරති.

නූතන දසපනත මහජන කොමිසමේ පළමු දින සාක්ෂි ලබාදීම සඳහා මව්බිම ලංකා පදනම සභාපති ආරියසීල වික්‍රමනායක, DSI සමූහ ව්‍යාපාරයේ සභාපති කුලතුංග රාජපක්ෂ, නේචර් සික්‍රට් ආයතනයේ සභාපති සමන්ත කුමාරසිංහ, රයිගම් ආයතනය සභාපති රවී ලියනගේ, දේශිය සහල් පිටි කර්මාන්තයේ ආයතනයේ සභාපති අරුණකාන්ත බණ්ඩාර යන අය එදින සාක්ෂි ලබා දෙන ලදී.

එම අවස්ථාවට අතුරලියේ රතන, ඕමල්පේ සෝභිත, ගලගොඩඅත්තතේ ඥානසාර, මැදගම ධම්මා නන්ද වැනි හිමිවරුන් සහභාගී වී සිටියහ.

රටේ යහපත වෙනුවෙන් තම සංසඳය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා සඳහා එකඟ වන දේශපාලනඥයින්ට පමණක් ඉදිරියේදී සහාය ලබා දෙන බව ජාතික විද්වත් භික්ෂු සංසදය නියෝජනය කරමින් මැදගොඩ අභයතිස්ස හිමි එහිදී පවසා තිබුණි.

එසේම මෙම දස පනත හඳුන්වා දීමේ එක අරමුණක් 1956 වසරේ මෙන් දේශපාලන පෙරලියක් ඇතිකිරීම බවද එම හිමියන් මාධ්‍ය වෙත පවසා සිටියහ.

samansena2

කෙසේවුවද රටට ගැළපෙන දේශපාලන නායකත්වය තීරණය කිරීම මෙරට පොදු ජනතාවගේ කාර්යයක් මිස භික්ෂූන්ගේ කාර්යයක් නොවේ. භික්ෂූන් දේශපාලනයට මැදිහත්වීම නැවැත්විය නොහැකි නමුත් පසුගිය කාලයේ ඔවුන්ගේ මැදිහත්වීම නිසා ලංකාවේ සමාජයේ සංහිඳියාව පිළිබඳ අදහසට බරපතල තර්ජනයක් එල්ල වෙනු දැකිය හැකි විය.

ගෝඨාගේ ව්‍යාපෘතියට කතෝලික සංකල්පයක් එල්ලයි!

saansena

දසපනත යනු කතෝලික සංකල්පයකි. දස පණත නම් මිසරයේ සිට නික්මයාමට ස්වල්ප කාලයකට පසු දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාතියට දුන් පණත් දහයයි. දස පණත නම් පරණ ගිවිසුමේ නීති 613 හි ආඥාවන්හි සාරාංශයයි.

පළමු පණත් හතර කටයුතු කරන්නේ දෙවියන් වහන්සේ හා අප අතර ඇති සම්බන්ධතාවය ගැන. අවසාන අඥා (පණත්) හය කටයුතු : කරන්නේ අපගේ අන් අය සමග ඇති සම්බන්ධතාවයයි. දස පණත ගැන වාර්තා කරන්නේ බයිබලයේ නික්මයාම 20:1-17 හා ද්විතීය කථාව 5:6-21.

1) “මා හැර අන් දෙවිවරුන් නුඹට නැත.” මෙම ආඥාව නම් සත්‍ය වූ දෙවියන් වහන්සේට අමතරව වෙන දෙවි වරුන් නම දීමට එරෙහිවයි. අන් සියලු දෙවි වරුන් ව්‍යාජ වේ.

2) “කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහි වත් පොළොවෙන් උඩ ජලයෙහි වත් තිබෙන කිසිම දෙයක සමානත්වයකට සාදා නොගනුව. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද තාගේ දෙවිවූ ස්වාමින් වහන්සේ වන මම අන්‍යභක්ති නොඉවසන්නාවූ මට වෛර වෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ, මට ප්‍රේම කරමින් මාගේ ආඥා පවත්වන්නන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නාවූ දෙවි කෙනෙකි.” මෙම ආඥාව රූප නමස්කාරයට එරෙහිව දෙවියන් වහන්සේව පෙන්නුම් කිරීමට ඉදිරිපත් කිරීමක්. දෙවියන් වහන්සේගේ ස්වරූපය යැයි කියා රූපගත කිරීමට අපහසුය. දෙවියන් වහන්සේව රූපයට තෑනීමම ව්‍යාජ දෙවි නමස්කාරයක්ම වේ.

3) “තාගේ දෙවිවූ ස්වාමින් වහන්සේගේ නාමය නිකරුනේ ව්‍යයහාර නොකරව, මක්නිසාද ස්වාමින් වහන්සේ තමන්ගේ නාමය නිකරණේ ව්‍යයහාර කරන තැනැත්තා නිවැරදි කාරයෙකු කොට ගණන් නොගන්නා සේක.” මෙය දෙවියන් වහන්සේගේ නාමය නිකරුණේ භාවිතා කිරීමට එරෙහිවයි. දෙවියන් වහන්සේගේ නාමය සුළු කොට සැලකීම අප නොකල යුතු දෙයකි. අපි දෙවියන් වහන්සේට දෙන ගෞරවය පෙන්වීමට ඇති ක්රම නම් ගෞරවනීය ආමන්ත්රණ ක්රම භාවිතයෙකි.

4) “සබත් දවස ශුද්ධ කොට පවත්වන්ට සිහිකර ගනුව, හය දවසක් වැඩ කරමින් තාගේ සියලු වැඩ කර්මාන්ත කර ගනුව. එහෙත් සත් වෙනි දවස තාගේ දෙවිවූ ස්වාමින් වහන්සේට පවත්වන සබතක්ය. ඒ දවසේ තාවත් තමාගේ පුත්‍රයාවත් තමාගේ දුවවත් තමාගේ වැඩකාරයාවත් තමාගේ වැඩකාරිවත් තමාගේ සිවුපාවෝවත් තමාගේ දොරටු ඇතුලත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්. මක්නිසාද ස්වාමින් වහන්සේ අහසත් පොලොවත් මුහුදත් එහි ඇත්තාවූ සියල්ලත් හය දවසින් සාදා සත්වෙනි දවසෙහි නිවාඩු ගත් සේක. එහෙයින් ස්වාමින් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට ඒ දවස ශුද්ධ කළ සේක.” මෙම ආඥාව නම් සබත් දවස වෙන්කර තබා ගැනීමටයි (සෙනසුරාදා සතියේ අවසාන දවස) විවේකයෙහි දවස දෙවියන් වහන්සේට කැප කරපු.

5) “තට දෙන දේශයෙහි තාගේ දවස් බොහෝ වන පිණිස තාගේ පියාටත් තාගේ මවටත් ගෞරව කරව.” මෙම ආඥාව දෙමව්පියන්ට ගෞරවයෙන් සැලකීමටයි.

6) “මිනී නොමරව.” මෙය තවත් මනුෂ්‍යයෙකු මැරීමට එරෙහිවයි.

7) “කාමමිත්‍යාචාරය නොකරව.” තමාගේ සහකරු / සහකාරියට අමතර ලිංගික සම්බන්ධතාවයක් තිබීමට එරෙහිව කථා කරයි.

8) “සොරකම් නොකරව” තමන්ට අයිති නොවන දෙයක් අර ගැනීමට එරෙහිව අඥාවයි. එය අයිතිකාරයාගේ අවසරයකින් තොරව.

9) “තාගේ අසල්වැසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව.” මෙය තවත් කෙනෙකු ගැන බොරු සාක්ෂි පැවසීමට එරෙහිවයි. මෙය බොරු කීමට එරෙහිව ආඥාවයි.

10) “තාගේ අසල්වැසියාගේ ගෙට ආශා නොවව, තාගේ අසල් වැසියාගේ භාර්යාවටවත් ඔහුගේ වැඩ කරුවාටවත් ඔහුගේ වැඩ කාරියටවත්, ඔහුගේ ගවයාටවත්, ඔහුගේ කොටළුවාටවත් තාගේ අසල්වැසියාගේ කිසි දෙයකටවත් ආශා නොවව.” තමන්ට අයිති නැති දෙයකට ආශාවීමට එරෙහිව ආඥාවයි. මෙම තෘෂ්ණාව හේතුවෙන් ඉහත සඳහන් ආඥා සියල්ලන් කැඩේ. මිනීමැරීම, කාමමිත්‍යාචාර හා සොරකම. යමක් කිරීම වැරදි නම්, එම දේ කිරීමට ආශාවීමද වැරදි වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න