අප්පුලා තප්පුලෑවට අධිකරණයේ වැදී ඒන සුළඟකින්වත් සිරිසේනට සුගතියක් නැත

අප්පුලා තප්පුලෑවට අධිකරණයේ වැදී ඒන සුළඟකින්වත් සිරිසේනට සුගතියක් නැත

 නීතිපති දප්පුල විසින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරට එරෙහිව සාපරාධී මිනීමැරීම යටතේ නඩු පැවරීම පදනම් විරහිත බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ (09) ප්‍රකාශ කළාය . තවද ජූජිත සහ හේමසිරි ඇප මත මුදා හැරීමටද මහේස්ත්‍රාස්වරිය නියෝග කළාය . “පොලිසිය ඉල්ලා සිටින නිසා ම හෝ වෙනත් පාර්ශවයක මන දොළ සපුරාලීමට යමෙකු බන්ධනාගාරගත කළ නොහැකි යයි ,”ඇය කළ ප්‍රකාශය නීති ඉතිහාසයේ සුවිශේෂී මංසලකුණක් ලෙස ඉතිහාසගත විය. හේමසිරි සහ පූජිතට සාපරාධී මිනීමැරීම යටතේ නඩු පැවරීම කුමන්ත්‍රනයක් බව මීට පෙර අප ප්‍රකාශ කළෙමු. ඔවුන් බිය ගන්වා පාස්කු ප්‍රහාරය පිලිබදව රනිල් දැනුවත් කළ බවට ප්‍රකශයක් ලබා ගැනීම කුමන්ත්‍රනකරුවන්ගේ අරමුණ වූ බව සාක්ෂි සහිතව අප හෙලිදරව් කළෙමු.

අතිභයානක පූර්වාදර්ශයක් නූලෙන් වැලකීම

ජනාධිපති පත් කළ ත්‍රී පුද්ගල කොමිසමක වාර්තාවක් පදනම්කොටගෙන පූජිත සහ හේමසිරි සිරගත කිරීමට වලංගු භාවයක් දුන්නේ නම් එය අති භයානක පූර්වාදර්ශයක් වනු නියතය. මක්නිසාදයත් දේශපාලන එදිරිවාදීන් දඩයම් කිරීමට මෙම ක්‍රමය ඉදිරියේදීද භාවිතයට ගන්නා බැවිනි. සිරිසේන පත් කළ කොමිසමක නිර්දේශ මත පූජිත සහ හේමසිරි අත් අඩංගුවට ගැනීම පැහැදිලිවම තමාගේ නඩුව තමාම විනිෂ්චය කිරීමකි. ස්වාභාවික යුක්ති මූල ධර්ම අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. කරුනු එසේ හෙයින් මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පරීක්ෂණ මණ්ඩලයක වාර්තාවක් පදනම් කරගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම වාර්තාව නීතිමය වාර්තාවක් නොවන බවය .

පොලිස්පතිවරයාගෙන් නිදහසට කරුණුවිමසීමට නීතිපතිට අයිතියක් නැත

pujith Security Council meetings Bහේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර වහාම අත්අඩංගුවට ගෙන මිනී මැරුම් චෝදනා ඉදිරිපත්කර අධිකරණයට යොමුකරන ලෙස දන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග පිට නියෝග නිකුත්කර සිටියේ නීතිපති දප්පුල ලිවේරා විසිනි. අත්අඩංගුවට ගැනීම කඩිනම් කරන ලෙස වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න වෙත නීතිපති දප්පුල ලිවේරා ලිපි දෙකක් යොමුකර තිබිණ. එයින් පලමු ලිපිය පසුගිය ජුනි මස 27 වනදා යොමුකර තිබු අතර දෙවැනි ලිපිය ජූලි 1 වනදා යොමුකර තිබිණ. පළමු ලිපිය ලිපියෙන් පූජිත සහ හේමසිරි අත් අඩංගුවට් ගන්නා ලෙස නියෝග කර තිබුනි. නමුත් වැඩබලන පොලිස් පති අත් අඩංගුවට ගැනීමක් සිදු නොකළේය . දප්පුලගේ නියෝගය නොතකා හැරීමට නිදහසට කරුණු දැක්විය යුතු බව දන්වා දෙවන ලිපිය යොමු කර තිබුනි. ඊට පිලිතුරු ලෙස හේමසිරි සහ පූජිතට මිනීමැරුම් චෝදනා එල්ල කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පොලිසිය පෙන්වාදී තිබුනි.

ජනසම්මතවාදය නැමති බත් පතේ අසූචි හෙලූ සිරිසේන

සිරිසේන අධිකරණ ක්ෂේත්‍රයේ ඉහල තනතුරු ”කැරට් අල” ලෙස පෙන්වමින් තම එහෙයියන් හරහා දේශපාලන ව්‍යාපෘති දියත් කිරීමට උත්සාහ කළද ඒවා කිසිදු අවස්ථාවක ජයග්‍රාහී අවසානයක් කරා ලගා වූයේ නැත . පළමුව ධූර කාලය 5ද 6 ද විමසූ අතර තීන්දුව ලෙස ලැබුනේ සිරිසේනට අවාසි දායක එකකි. ඔක් 26 කුමන්ත්‍රණයයෙන් සිරිසේන ඇපත් නැතිව පරාජය විය. මරනීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට සිරිසේන ගත් තීන්දුවද අධිකරනය විසින් හකුලා දැමුවේය. 19 හරිද වැරදිද කියා තවත් අඩව්වක් ඇල්ලිමට සිරිසේන දැන් සූදානම් වී ඇත . සිරිසේන යනු ජනසම්මතවාදය නැමති බත් පතේ අසූචි හෙලූ අයෙකි. කන්ඩ දුන් අත සපා කෑ අයෙකි, සියාගේ කුඹුර පමනක් නොව රටම ගිනි තැබූ පාහරයෙකි , නූගත් මෝඩයෙකි. ජයසූරියලා දප්පුලලා කුමක් කළද ගරු අධිකරනයේ වැදී එන සුළගකින්වත් සිරිසේන වැනි පාපතරයෙකුට සුගතියක් අත්වේයයි සිතීමට හේතු නැත.

තුෂාරා වන්නිආරච්චි - lankanewsapp

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න