"එක්සත් ජාතික පක්ෂය නිවැරදි අවස්ථාවේ ජනාධිපතිවරණය වෙනුවෙන් අවශ්‍ය තින්දු තීරණ අරගෙන කටයුතු කරනවා. සමහර පිරිස් රේස් දුවන්න පටන් අරන් තියෙන්නේ, ඔවුන්ගේ අදක්ෂතාවය වහගෙන ඉදිරියට එන්න උත්සායහක් වශයෙන්. එ.ජා.ප.ය බොහෝම වගකීමෙන් කියන්නේ අපේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ප්‍රමුඛ සමස්ත පක්ෂයම ඒකරාශීවෙලා තමයි ජනාධිපතිවරණය වෙනුවෙන් තිරණ ගන්නේ. එහෙම නැතිව එක් පුද්ගලයෙක්ට අවශ්‍ය විදියට අපේ පක්ෂයේ තීන්දු තීරණ ගන්නේ නැහැ. පක්ෂයක් හැටියට අපි රටේ සහ අපේ අනාගතය පිළිබදව සිතා කටයුතු කරනවා මිසක්, අනෙක් පක්ෂ තුළ තිබෙන ප්‍රශ්න අපේ ඇගට ගන්නේ නැහැ. සමහරක් අය මේ අවස්ථාවේ විශේෂ රගපෑමක නිතර වෙලා සිටිනවා. ඔවුන් එක් පක්ෂයකින් ඉදිරිපත් වෙන්න සැලසුම් කරලා, අනෙක් පැත්තටත් හොදට කතා කරනවා. ඒ වගේ ඩබල් ගේම්, ඩීල් එක්සත් ජාතික පක්ෂය තුළ නැහැ. මේ වනවිට සමහර පිරිස් විසින් සමාජගත කරන්න දගලන නිල නොවන ප්‍රකාශ, ඔවුන්ගේ අදක්ෂතාව වහගන්න උපයෝගී කරන්න ප්‍රකාශ මිසක්, එක්සත් ජාතික පක්ෂයේ නිල ප්‍රකාශ නොවන බව වගකීමෙන් කියනවා. යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් අවශ්‍ය උපකරණ ලබාදීම වෙනුවෙන් පසුගියදා පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. එක්සත් ජාතික පක්ෂ උතුරු කොළඹ ප්‍රාදේශීය කාර්යාලයේ පැවති මෙම උත්සව අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් ආබාධිත පුද්ගලයින් වෙත රෝද පුටු ලබාදීමක් කිරීමක් සිදු කෙරිණි.
මෙහිදී අදහස් පලකළ අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් මෙසේද පැවසීය.
විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් අමතක කරලා නැහැ කියන එක පෙන්නුම් කරන්න තමයි මෙහෙම වැඩපිළිවෙලක් දියත් කළේ. අපි සියලු දෙනාගේම වගකීම සහ යුතුකම වන්නේ එවැනි පුද්ගලයින් ආරක්ෂා කරලා, සමාජයට ගැටළුවක් නොවන අයුරින් රැකගැනීමයි.
සමස්තයක් හැටියට සලකා බැලුවොත්, ගමින් ගමට, නගරයෙන් නගරයට, දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට, පළාත් සභාවෙන් පළාත් සභාවෙන් පළාත් සභාවට සලකා බැලුවොත් රටේ මේ වනවිට ඇතිවී තිබෙන සංවර්ධනය අවබෝධ කරගන්න පුළුවන්. ඒ සංවර්ධනය පිළිබදව ප්‍රචාරය නොවුනට, ජනතවගේ හදවත් වලට කතා කරලා බැලුවොත් ඒ ගැන හොදින් දැනගන්න පුළුවන්. ප්‍රශ්න තිබෙනවා. නමුත් සංවර්ධනය වෙනුවෙන් ප්‍රාග්ධනය යොදවලා, හෙට අනාගතයට ආදායම් උපයන්න පුළුවන් මාර්ග අපි ඇතිකරලා තිබෙනවා යැයි පැවසීය.

