"මෙතන ඉන්න මාධ්‍යවේදියෝ දන්නවා, 2015 ට කලින් පෑන - කැමරාව හසුරවකොට කීපාරක් හිතනව ද? දැන් කාගෙවත් කකුල් කඩලත් නෑ, සුදු වෑන් වලින් උත්සලත් නෑ, මරලත් නෑ නේ, දිනමිණ පුවත්පතේ වැඩ කරපු පොද්දල ජයන්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්, එතුමා මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කළාම ආරක්ෂක අමාත්‍යාංශයට ගෙනල්ලා කිවේ කොහොම ද “වැඩිය දගලන්න එපා, කියල තර්ජනය කළේ” පසුව එතුමා සුදුවෑන් එකෙන් උස්සලා මුල්ලේරියාවේ විසිකරළා ගියා මැරිලා කියළා හිතලා, අදත් එතුමාගේ එක් පාදයක් අලුමිනියම් තහඩු වලින් තමයි තිබෙන්නෙ, මම පහුගිය කාලේ ඇමරිකාවේ ගියපු වෙලාවක හමුවුණා, එතුමා අඩ අඩා මට කීවා, ශීත සෘතුවේ කකුලේ තිබෙන තහඩුව නිසා ශීතල ඔරොත්තු දීමට අපහසු වී ඇති බව" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.
සුදුවෑන්වල පියා, මිනී මරන්න නායක්තවය දුන්න කෙනෙක්, ජනාධිපති අපේක්ෂකයා හැටියට පත් කළොත්, එදාට වැඩිම අවධානමකට ලක්වන්නේ සාමාන්‍ය ජනතාව බවත් මන්ත්‍රීවරයා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මේ බව සඳහන්කර සිටියේ ඊයේ (09) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.
ඔය හිතන් ඉන්න පුද්ගලයා නම් කළත්, අපට අභියොගයක් නොවන බවත්, එංගලන්තේ අග්‍රාමාත්‍ය වින්සන්ට් චර්චිල් දෙවන ලෝක යුද්ධය ජයගත්තා, ඊළග ඡන්දෙන් ගෙදර ගියා, යුද්ධය ජයග්‍රණය කරපු සරත් ෆොන්සේකාට 2010 ජයග්‍රහණය කරන්න බැරුවුනා. ඒ අනුව ලංකාවේ ජනතාව දැන් ඉතාමත් බුද්ධිමත්ව කල්පනා කරනවා. ඒ වගේ ම අලුත් ඡන්ද දායකයා හිතන විදිය වෙනස් බවත් එම චින්තන විපර්‍යාසය පසුගිය වසරවල සුදුවුණා, 2015 ත් එවැනි විප්ලවයක් සිදුවුණා, කුමන තත්ත්වයක් යටතේ වුවද ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරනවා.
මේ දවස්වල මාතර හම්බන්තොට අධිවේගය ඉදිවෙමින් පවතිනවා, මේ ගැන ප්‍රචාරයක් නොදුන්නු කණ්ඩායම්, චීන සමාගම් පැය 24 ක් වැඩ නවත්තපුවාම ඒකට ලොකු ප්‍රචාරයක් ලබාදුන්නා. චීන සමාගම්වලට ගෙවීම් පමා වුනේ පසුගිය ඔක්තොම්බර් 26 සිදුවුන කුමන්ත්‍රණය හේතුවෙන්, එම සමාගම්වලට ගෙවන්න ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අනුමත කිරීමට නොහැකි වූ නිසයි, දැන් එම ගැටළුව අවසන් වෙලා තිබෙනවා.
කොළඹ පිටරවුම් අධිවේගී මාර්ගය හැදෙනවා, කුළුණු මතින් දිවෙන අධිවේගය ඉදිවෙනවා, ඔරුගොඩ වත්තේ සිට අඹතලේ දක්වා මිලියන 16000 ක් වියදම් කරළා ජලනල පද්ධතියයි මාර්ග සංවර්ධනයයි සිදුකරනවා, මේව ගැන කථා කරනව ද ? නුවර කොළඹ අධිවේගය ඉදිවෙමින් තිබෙනවා. ඒ ගැන කථා කරනවද ? මාතර බෙලිඅත්ත දුම්රිය මාරගය හදලා ඉවර කළා. මේවට නිසි ප්‍රචාරයක් නොමැතිවීම නිසා ජනතාව දන්නෙ නෑ. ප්‍රචාරණය ආණ්ඩුව කරන්නෙත් නෑ, මාධ්‍ය කරන්නෙත් නෑ
පසුගිය රජය යටතේ අධිවෙග හැදුවත්, කුඩා පාරවල්වලට අවධානය යොමු වුණේ නැහැ, නමුත් මේ ආණ්ඩුව “රන් මාවත්” වැඩසටහන යටතේ අතුරු මාර්ග, පාලං බෝක්කු ඉදිකිරීමේ ව්‍යාපෘතිට රුපිලයල් මිලියන 10000 ක් වැයකර සුදුවෙනවා. නමුත් මේවට ප්‍රචාරයක් නොලැබීම හේතුවෙන් ජනතාව දන්නෙ නැහැ.
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයත් සමග එකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ කණ්ඩායමට ජාතිවාදය සහ අන්තවාදය මාධ්‍ය හරහා ව්‍යාප්ත කිරීමට තෝතනැන්ක් කරගෙන, ඒක මිනුවම්ගොඩින් හෙට්ටිපොළින් පටන්ගෙන, විවිද මුහුණුවරින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේක ඊලඟ ජනාධිපතිවරණය දක්වා ගෙනයාමට කටයුතු කරමින් සිටින බවක් පෙන්නුම් කරනවා, ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් මැතිවරණයක් ජයග්‍රණය කිරීමයි.
ඒවාගේම අනෙක් පසින් ඔවුන් උත්සාහ කරනවා, සූළුජාතින්ගේ කරමතින් පැමිණි මේ අණ්ඩුව ඔවුන්ට කිසි ආරක්ෂාවක් නොමැති බව තහවුරු කිරීමේ උත්සාහයක් ගනිමින් සිටිනවා.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මාධ්‍ය නිදහස තහවුරු කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම, දියුණු රටක නැති ප්‍රජාතන්ත්‍රවාදයක් තහවුරු කිරීම නිසා විපක්ෂය මේ ආකාරයෙන් කටයුතු කරනවා. මාධ්‍ය හරහා විකෘති පුවත් පළකිරීම මොවුන්ගේ ප්‍රධාන කටයුත්ත වී තිබෙනවා.
මම සිංහල පාසැලක ඉගෙන ගත්තේ. මම සිංහල සංස්කෘතිය ගැන මනා වැටහීමක් තිබෙනවා, නමුත් වර්තමානයේ සිංහල බෞද්ධ පාසැල්වල ඉගෙනීමට මුස්ලිම් දරුවෙකුට අවස්ථාවක් නෑ. මරදාන ආනන්ද විද්‍යාලයට ඇතුලත් වීමට අවස්ථාවක් නෑ. මේ හරහා මේ අය අගය කරන ඉම්තියාස් බාකීර්මාකර්ලා තවත් 100 ක් බිහිවෙන්න අවස්ථාවක් නැහැ. ඔය කියන කණ්ඩායම් එවැනි අවස්ථාවන් ඇති වෙනවට විරුද්ධයි. නැවත්ත මිශ්‍ර ජාතීන්ගෙන් සමන්විත පාසැල්වලින් මෙවැනි ජාතික ගැටළුවලට විසදුම් ලබාදීමට කටයුතු කළ යුතුයි.
මේ මොන දෙයක් වුනත් රජයේ සංවර්ධන වැඩ පිළිවෙල නවත්වලා නෑ. ගෙවුනු මාස කිහිපය තුළ ලංකාව පුරා රුපියල් මිලියන 48000 ක වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා ගම්පෙරළය යටතේ. මගේ කොළොන්නාව ආසනය ගතහොත් රුපියල් ලක්ෂ 2000 ක වැඩ ඉවර කරළා, තවත් ලක්ෂ 1000 වැඩ ආරම්භ කරළා තියනවා.
පසුගිය රජය යටතේ අධිවෙග හැදුවත්, කුඩා පාරවල්වලට අවධානය යොමු වුණේ නැහැ, නමුත් මේ ආණ්ඩුව “රන් මාවත්” වැඩසටහන යටතේ අතුරු මාර්ග, පාලං බෝක්කු ඉදිකිරීමේ ව්‍යාපෘතිට රුපිලයල් මිලියන 10000 ක් වැයකර සුදුවෙනවා. නමුත් මේවට ප්‍රචාරයක් නොලැබීම හේතුවෙන් ජනතාව දන්නෙ නැහැ.
කළින් ආණ්ඩුව, සිගිරියට වැඩි කටවුට් ගහල නැති සංවර්ධනයක් පෙන්වා දුන්නත්, මේ ආණ්ඩුව කරන වැඩපිළිවෙලට ප්‍රචාරයක් නොමැති වීම ඉතා අඩුපාඩුවක් බව පෙන්වා දුන්නා. මේ නිසා විපක්ෂයේ න්‍යායපත්‍රට රටේ අවධානය යොමුවී තිබෙන බව පෙන්වා දුන්නා.
මේ දවස්වල මාතර හම්බන්තොට අධිවේගය ඉදිවෙමින් පවතිනවා, මේ ගැන ප්‍රචාරයක් නොදුන්නු කණ්ඩායම්, චීන සමාගම් පැය 24 ක් වැඩ නවත්තපුවාම ඒකට ලොකු ප්‍රචාරයක් ලබාදුන්නා. චීන සමාගම්වලට ගෙවීම් පමා වුනේ පසුගිය ඔක්තොම්බර් 26 සිදුවුන කුමන්ත්‍රණය හේතුවෙන්, එම සමාගම්වලට ගෙවන්න ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අනුමත කිරීමට නොහැකි වූ නිසයි, දැන් එම ගැටළුව අවසන් වෙලා තිබෙනවා.
කොළඹ පිටරවුම් අධිවේගී මාර්ගය හැදෙනවා, කුළුණු මතින් දිවෙන අධිවේගය ඉදිවෙනවා, ඔරුගොඩ වත්තේ සිට අඹතලේ දක්වා මිලියන 16000 ක් වියදම් කරළා ජලනල පද්ධතියයි මාර්ග සංවර්ධනයයි සිදුකරනවා, මේව ගැන කථා කරනව ද ? නුවර කොළඹ අධිවේගය ඉදිවෙමින් තිබෙනවා. ඒ ගැන කථා කරනවද ? මාතර බෙලිඅත්ත දුම්රිය මාරගය හදලා ඉවර කළා. මේවට නිසි ප්‍රචාරයක් නොමැතිවීම නිසා ජනතාව දන්නෙ නෑ. ප්‍රචාරණය ආණ්ඩුව කරන්නෙත් නෑ, මාධ්‍ය කරන්නෙත් නෑ.
මේ ආණඩු පැමිණි ගමන්, ලෝලෙවල් මාර්ගය අඹතලේ සිට ඔරුගොඩවත්තට හදන්න, මිලියන 8500 ක්, කොළඹට වතුර ගෙන්න දැන් ව්‍යාපෘතිය ක්‍රියාත්ම වෙනවා, මිලියන 6500 ක් පාලන් ටික හදන්න මිලිය 7500 කින් ඉදිවෙනවා.
කඩා වැටුණු කුණු කන්ද තිබුණ තැන, කොළඹ නගරයේ උසම තැන කරළා මිලියන 1300 කින් සංවර්ධනය කරළා නාගරික උද්‍යානයක් කරන්න කටයුතු කරලා තියනවා. එතන නව නගරයක් ඉදිවෙනවා. මේවා මාධ්‍ය මගින් ප්‍රචාරයක් නෑ.
19 හරහා එකාධිපති බලතල ඉවත් කිරීම, ධුර කාලය වසර 5 කට අඩුකිරීම ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරද ? කොමිෂන් සභා පත්කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරද ? තොරතුරු පනත ගෙනඒම දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් නොවෙයි ද? මාධ්‍ය නිදහස තහවුරු කීරීම දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් නොවෙයි ද?

