හිරුණිකාගෙන් සිරිසේනට ආරාධනයක් !

හිරුණිකාගෙන් සිරිසේනට ආරාධනයක් !

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණ එම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු නිර්භීතව ප්‍රකාශ කරන්නැයි ජනාධිපති සිරිසේන ට ආරාධනා කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර පවසයි.

කොළඹ අරලියගහ මන්දිරයේ ඊයේ(10දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සදහන් කර තිබේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටිමින් පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා දේ සහ එම ප‍්‍රහාරයට මුහුණදුන් පිරිසට සාධාරණය ඉටුකරන ආකාරය පිළිබඳවද එහිදී පැහැදිලි කරන්නැයි මන්ත්‍රීවරිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළාය.

තමන් තේරීම් කාරක සභාවට කැඳවුවහොත් සාක්ෂි ලබාදීම සඳහා ඉදිරිපත් වන බවට අගමැතිවරයා සඳහන් කර ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරිය, ජනාධිපතිවරයාටද නිර්භීතව ගොස් තමන් දන්නා දේ සහ රටේ ජනතාව දැනගත යුතු දේවල් ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින බවද සඳහන් කළාය.

පොලිස්පතිවරයාටත්, හිටපු ආරක්ෂක ලේකම්වරයාටත් පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකීම පවරාදෙමින් ප‍්‍රහාරයට වගකිවයුතු බලධාරීන්ට අත සෝදාගැනීමට නොහැකි බවද මන්ත්‍රීවරිය එහිදී පැවසුවාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න