පොහොට්ටු සභාපති බෙලිඅත්තේ සංවර්ධනය එපා කියයි : ජනතාව අසරණයි !

පොහොට්ටු සභාපති බෙලිඅත්තේ සංවර්ධනය එපා කියයි : ජනතාව අසරණයි !

වර්තමාන රජය යටතේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනට සමගාමීව බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාර්ග 140ක සංවර්ධන කටයුතු සඳහා රුපියල් 140,000,000.00 ක් වෙන්කර ඇතත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ විරෝධතාව මත එම කටයුතු ඇණහිට ඇතැයි වාර්තා වේ.

සිය ප්‍රා‌දේශීය සභා බල ප්‍රදේශයට අදාල සංවිධාන කටයුතු අවශ්‍ය නොවන බව බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලිපියකින් දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.

මේ පිළිබඳ වැඩිදුර කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභා සභාපතිවරයා සිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය වෙනත් කිසිදු පාර්ශවයක් වෙත ලබා නොදීමට තීරණය කර ඇති බවයි.

බෙලිඅත්ත ප්‍රාදේශීය සභා සභාපතිවරයා විසින් මෙසේ ප්‍රතික්ෂේප කර ඇත්තේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින් ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා එක් මාර්ගයකට රුපියල් ලක්ෂ 10 බැගින් මාර්ග 140 ක් සදහා වෙන්කළ රුපියල් 140,000,000.00 ක මුදලය.

මේ හමුවේ අසරණ වී සිටින බෙලිඅත්ත ප්‍රාද්ශිය සභා බල ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කරනුයේ, ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ අත්තනෝමතික තීන්දු තීරණ නිසා අබලන්ව ඇති ග්‍රාමීය මාර්ගවල ගමන් කිරීමට නොහැකි තත්වයකට පත්ව ඇති බවයි.

එසේම අබලන් වූ මාර්ග කුමන හෝ ක්‍රමයකින් සංවර්ධනය කර දෙන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න