ඩාර්ලි පාරේ පල්බොරු : අගමැති කාර්යාලයෙන් හෙළිකරයි !

ඩාර්ලි පාරේ පල්බොරු : අගමැති කාර්යාලයෙන් හෙළිකරයි !
පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැසට් කරනු ලැබ ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (9) පැවති මාධ්‍ය හමුවක දී පවසා ඇති අතර එය මුළුමනින්ම ජනතාව නොමග යවන ප්‍රකාශයක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය අවධාරණය කරයි.
දයාසිරි මන්ත්‍රීවරයා ඊයේ මාධ්‍ය හමුවේදී සිදුකල ප්‍රකාශ එකිනෙක උපුටා දක්වමින් කරුණු දක්වන අග්‍රාමාත්‍ය කාර්යාලය මෙසේද පෙන්වා දෙයි.

අදාළ  පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය නොලැබුණු බවත්, ජනාධිපතිවරයා විසින් එයට සංශෝධන ගණනාවක් ඉදිරිපත් කළත් එම සංශෝධන හෝ ඇතුළත් නොකර ගැසට් කර තිබෙන බවත් මහලේකම්වරයා සඳහන් කළ බවද වාර්තා විය.

රජය විසින් අත්සන් කිරීමට නියමිතව ඇති මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අනුව ඇමෙරිකාවට හා බහුජාතික සමාගම්වලට මෙරට ඉඩම් පැවරීමේ හැකියාව ලැබෙන අයුරින් මෙම පනත් කෙටුම්පත සකස් කර තිබෙන බව ද දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කොට ඇත.

ඉහත කරුණු සාවද්‍ය සහ නොමඟ යවන සුළු බව සඳහන් කරන අග්‍රාමාත්‍ය කාර්යාලය මෙසේද සඳහන් කරයි.

 ජනාධිපති  සිරිසේන විසින් ඉඩම් (විශෙෂ විධි විධාන) පනත් කෙටුම්පතට ඇතුළත් විය යුතු යැයි නිර්දේශ කර ඇති සංශෝධන සඳහා නිතිපතිතුමාගේ උපදෙස් අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඉන් අනතුරුව එම සංශෝධන ඉඩම් අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේ දී පනතට ඇතුළත් කිරීම සඳහා කටයුතු කරනු ලැබේ. මේ සඳහා ගරු ජනාධිපතිතුමා ගේ  අනුමැතිය ලැබී ඇත.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුමේ එසේ  විදේශිකයනට ඉඩම් පැවරීමේ හෝ විකිණීමේ කිසිම යෝජනාවක් හෝ කොන්දේසියක් ඇතුළත් වී නැත.

"මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්" ගිවිසුම යනු ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ආධාර ලබා ගැනීම සඳහා වන ගිවිසුමක් පමණකි. මෙහිදී අප විසින් ඉල්ලා ඇති ව්‍යාපෘති ගණනාවක් සඳහා ඇමරිකාව විසින් මුදල් ප්‍රදානයක් ලබා දෙයි. ඩොලර් මිලියන 350ක ඇස්තමේන්තු ගත ප්‍රවාහන ව්‍යාපෘති විසින් ඉදිරි වසර 20 තුළ අපේක්ෂිත ආර්ථික ප්‍රතිලාභ අනුපාතය 19% වන අතර ඒ මගින් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වල නගරබද හා පළාත් බද ප්‍රවාහන යටිතල පහසුකම් කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වෙයි.

අනෙක් ව්‍යාපෘතිය ඉඩම් සංවර්ධන ව්‍යාපෘතියයි. ඒ ව්‍යාපෘතිය යටතේ අප ආධාර ඉල්ලා තිබෙන්නේ ඉඩම් ලේඛනගත කිරීම, රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ධාරිතාව වැඩි කිරීම, ඉඩම් වාර්තා ඩිජිටල් ගත කිරීම, දේපල ඔප්පු හිමිකම් සහතික බවට පරිවර්තනය කිරීම, ඉඩම් ප්‍රතිපත්ති ලේකම් කාර්යාලය ඇතිකිරීම යන කටයුතු  සඳහා පමණකි.   

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න