නීතිඥ සංගමයේ සභාපති බොරු කියලා : තලතා අනාවරණය කරයි !

නීතිඥ සංගමයේ සභාපති බොරු කියලා : තලතා අනාවරණය කරයි !

" ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස 2019.07.05 දින ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙත කරුණු දක්වමින් අධිකරණ අමාත්‍යවරිය වශයෙන් මා ඇමරිකානු නීතිඥ සංගමයේ ශාඛාවක් හෝ එයට අනුබද්ධ වෙනත් කිසිදු ආයතනයක් මෙරට පිහිටුවීමට මාගේ විරෝධතාවයක් නොමැති බවට කරන ලද ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එකී ප්‍රකාශය සම්පූර්ණයෙන් ම අසත්‍ය බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය වන තලතා අතුකෝරළ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

විෂයභාර අමාත්‍යවරිය වශයෙන් මා එවැනි කිසිදු ආයතනයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා අනුමැතියක් ලබා දී නොමැත. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ගරු ජනාධිපතිවරයා ගරු අග්‍රාමාත්‍යවරයා විෂයභාර අමාත්‍යවරිය වශයෙන් මාගෙන් කිසිදු විමසීමකින් තොරව මෙරට විපක්ෂ නායකවරයා වෙත අසත්‍ය කරුණු දැක්වීමෙන් පෙනී යන්නේ ඒ මහතාගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දීර්ඝ කාලයක සිට පැවතගෙන එන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කීර්ති නාමයට හානිකර ඇති බවයි.

නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කිසිදු විමසීමකින් තොරව මෙවැනි අසත්‍ය ප්‍රකාශ කිරීම තුලින් සමස්ථ නීතීඥ සංගමයම හෑල්ලුවට භාජනය කර තිබෙන බව කණගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුව ඇත. තවද කිසිදු විමසීමකින් තොරව සිදු කරනු ලබන මෙවැනි අසත්‍ය ප්‍රකාශ තුලින් පොදු ජනතාව මුලා වන බව ද, එකී කරුණු අසත්‍ය බව හෙලිවීමෙන් නීතීඥ සංගමය කෙරෙහි පොදු ජනතාව තුල දීර්ඝ කාලයක සිට පැවති විශ්වාසවන්තභාවයට හානි වන බවද වැඩි දුරටත් පවසා සිටිමි.

මෙරට ජීවත් වන ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අප මාතෘ භූමියට හානි විය හැකි හෝ යම් බලපෑමක් කළ හැකි හෝ කිසිදු කටයුත්තකට ගරු ජනාධිපතිතුමාද ගරු අගමැතිතුමාද මාද ඇතුළු අපගේ රජය කටයුතු නොකරන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිමි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න