චරිත් අබේසිංහ ගේ සහ රඛිත රාජපක්ෂ ගේ සිද්ධිය හරහා අපිට ලාංකීය දේශපාලන ලෝකයේ යටි-බඩ පිළිබඳව විප්ලවීය අදහසක් පැමිණෙයි.
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ
මීට දශකයකට පමණ පෙර දේශපාලන ලෝකය සහ සිවිල් සමාජය හොදින් දැන සිටි "ඩීල්" පිළිබඳව වන කතාන්දරය මේ යුගයේ දී ජහමනකරණය වෙයි. කොළඹ තරු පංතියේ හෝටල්වල ලොබි තුළ සාමාන්‍යකරණය වී තිබූ "අතිරික්තය" පාරවල් දිගේ ගමන් කොට ඇඹිලිපිටියේ හේන් ගොවියකු ගේ ජංගම දුරකතනයකින් මතුපිටට ගලා යයි. සිදුවෙන දේ පිළිබඳව සජිත් ප්‍රේමදාස ගේ ඔළුව කොලොප්පම් වන නමුත් ලක්ෂ්මන් ෆොන්සේකා සහ ජලනි ප්‍රේමදාස විසින් ඇතිදැඩි කරනු ලැබූ සජිත් ගේ බත්බැළයින් ගේ රෙදි මාලිමාව විසින් ගලවා දමනු ලබයි. ලකුණු ලබාගන්නා විට ඊට උරුමකම් කීමට හැකිවීම අනුර ප්‍රමුඛ ජ.වි.පෙ.දක්ෂකමකි. ඊට ඊර්ෂ්‍යා කර පළක් නැත.
වැරැදීමකින් චම්පික ගේ ඇඟේ හැපුණු ගම්මන්පිල
2015 යහපාලන ආණ්ඩුව බිඳ වැටුණේ මෛත්‍රි සහ රනිල් අතර ගැටුමකින් බව පැවසීම අර්ධ-සත්‍යයකි. සජිත් ප්‍රමුඛ එ.ජා.ප.යේ ග්‍රාමීය ස්ථරය මෛත්‍රිපාල සමග තිබූ සංකීර්ණ සංස්කෘතික බැඳීම රනිල් දැන සිටි අතර ඊට එරෙහිව රනිල් ප්‍රමුඛ එ.ජා.ප. කොම්පදෝරු පංතිය තෝරාගත් උපක්‍රමය වූයේ හැකිතාක් හොරකම් කිරීමට අවස්ථාව මේ ග්‍රාමීය නඩය වෙත ලබාදීම යි. මේ උපක්‍රමය හරහා මෛත්‍රි පිල තුළ සිටි ගැමියන් විශාල සල්ලිකාරයින් බවට පත්වූ අතර ශිරාල් ලක්තිලක බඳු කෙනකු රනිල් සමග ගැටුමකට යන්නේත් මෛත්‍රිපාල වෙත සිය විරෝධය පළ කරන්නේත් මෙහි දී ය.
උදය ගම්මන්පිල, චම්පික රණවක ගේ ඇඟේ වැරදීමකින් හැපුනු නිසා දේශපාලනයට පිවිසෙන අතර ඈත මිද්දෙනියේ උපන් විජයදාස රාජපක්ෂ වැරදීමකින් හැපෙන්නේ මංගල සමරවීර ගේ ඇඟේ ය. ආණ්ඩුක්‍රම හා නීතිය පිළිබඳ විශාරදයකු වන විජයදාස රාජපක්ෂ ගේ ජීවිතයේ සත්‍ය තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ නීතිය තුළ නොව ගැමියකු සේ ඉපිද කොළඹ දේශපාලනය තුළ විශාල සල්ලිකාරයකු වී පැමිණි ගමන තුළ ය.
විජයදාස රාජපක්ෂ
පසු ගිය 24වන දා කැළණි සරසවියේ තිබූ දේශනයේ දී දීප්ති නිවැරදිව ලකුණු කළා සේ තවදුරටත් මිනිසුන් දේශපාලනය වෙත ඇදී එන්නේ එය සිය ආශාව (diseir) නිසා නොවේ. මිනිසුන්ගේ ආශාව ධනවාදය විසින් නිපදවන්නේ අර්ථයකට නොව විනෝදයකට බව මෙහි ගැඹුරු අදහසයි. වෙනත් වචනවලින් කිවහොත් මිනිසුන් මේ යුගයේ දී දේශපාලනයට ඇදී එන්නේ ඉක්මනින් විශාල සල්ලිකාරයකු වීමට ආශාකරන නිසා ය. මෙය ජේ.ආර්.ගේ හෝ විජේවීර ගේ යුගය නොවේ.
අඹ වාරයට අඹ ද, රඹුටන් වාරයට රඹුටන් ද විකුණන මාධ්‍ය තක්ක්ඩියන් ගේ ගුබ්බෑයම්
DIG වාස් ගුණවර්ධන හෝ විජයදාස රාජපක්ෂ බඳු පියවරු සිය දරුවන්ට ජීවිතයේ අර්ථයක් පෙන්වා නොදෙන අතර පෙන්වා දෙන්නේ විනෝදය පමණි. විනෝදය ඉහ-වහා ගිය විට සිදුවන මෙවැනි අනතුරු සඳහා හඬා පලක් නැත. සංකේත පියා ගේ භූමිකාව අසමත් මෙවැනි යුගයක අනුන් ගේ වතුවල ගෙඩි කැඩීමට දරුවන් යොමු කරන්නේ ඒ පවුල් තුළින් ම ය.
මෙවැනි යුගයක ජ.වි.පෙ. බඳු සංවිධිත දේශපාලන ව්‍යාපාරයක් සමග ගැටිය හැක්කේ ඊට වඩා සදාචාරවාදී වන කණ්ඩායමකට විනා පුහු-වීරයින් පුම්බාලන මාධ්‍ය මෙහෙයුම් හරහා නොවේ. ලංකාවේ මාධ්‍ය අයිතිකරුවන් ගේ අතීතය ද මීට දෙවෙනි නැත. ඒවා ද අඹ වාරයට අඹ ද, රඹුටන් වාරයට රඹුටන් ද විකුණන තක්ක්ඩියන්ගේ ගුබ්බෑයම් ය.
වරුණ ඉක්මනින් ඉගෙනගන්නා පාඩම
වරුණ රාජපක්ෂ
මීළඟ වටයේ ඉදිරියෙන් ම ඉන්නේ වරුණ රාජපක්ෂ ය. තමා ගැන දන්නා වරුණ නොදන්නේ සිය අනෙකා ගැන ය. මී ගුල් මත ජීවත් වෙන විට ඊට කූඹින්ට රිංගීමට හැකි බව වරුණ ඉක්මනින් ඉගෙනගනු ඇත. දේශපාලනය මාධ්‍ය මත බිහිකරන ප්‍රබන්ධයක් බවට පත්වූ යුගයක යථාර්ථයෙන් කිසිදු පලක් නැත. ජ.වි.පෙ.අත තබා ඇත්තේ "ආශාව" නැමති වැඩබිමටයි. දේශපාලනයට අනුරාගීව ආශාකරන "අපි" මේ අවස්ථාවේදී ඉන්නේ ජ.වි.පෙ. පැත්තේය. මන්ද යත් සිය ආශාව "මුදල්" බව තහවුරු කළ නඩයක ම රෙදි ඔවුන් විසින් ගලවා දමනු ලබන බැවිනි. දේශපාලන වැඩක දී රුපියල් ලක්ෂයක් සොයාගත නොහැකි අපි බඳු සංවිධානයකට නඳුන් චින්තක නොහොත් හරක් කටා විසින් ලක්ෂ 1200 ක බර මිටියකින් හිසට පහරදී ඇත. ධනවාදය නිපදවන "අතිරික්තය" මුදල් මත ආයෝජනය වී එය මනුෂ්‍ය ආශාවේ කේන්ද්‍රය බවට පත්වීම විජයදාසලා හරහා එළියට ගලා එයි.
ජ.වි.පෙ. පරාජය කිරීමට ප්‍රථම මේ තක්ක්ඩි විපක්ෂය පරාජය කළ යුතුය. ඒ සඳහා ජ.වි.පෙ. ගන්නා උත්සාහයට අපි ආශිර්වාද කරන්නෙමු... ආමේන්...!
Samabima Party
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
