වහාම අත්අඩංගුවට ගනු : රට පැන්න ජාලිය වික්‍රමසූරියට යළිත් වරෙන්තු !

වහාම අත්අඩංගුවට ගනු : රට පැන්න ජාලිය වික්‍රමසූරියට යළිත් වරෙන්තු !

රාජපක්ෂ පාලන සමයේ අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මෙන්ම ඔහුගේ බිරිඳ සහ ඇයගේ ඥාති සොහොයුරිය අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඊයේ (10) යළිත් විවෘත වරෙන්තු නිකුත්කර ඇත.

අධිකරණයේ අවසරය පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වූ එම සැකකරු මෙන්ම ඔහුගේ ඇපකාරියන් වන ඔහුගේ බිරිඳ සහ ඥාති සොහොයුරිය ද විදෙස්ගත වී ඇති බවත් නැවත පැමිණ අධිකරණයට ඉදිරිපත් වන ලෙසට දන්වා අධිකරණය විසින් කළ නියෝගවලට පවා ඔවුන් අවනත වී නොමැති බව පෙන්වා දෙමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ දැනුම් දීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත්කර තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගනු ලැබුවේ, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයට අයත් අමෙරිකානු ඩොලර් 132,000ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමිනි.

ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය නොවැම්බර් 05 වන දා අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට එහිදී නියෝග කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න