ඉරාජ්ගේ ෆේස් බුක් පිටුව ඉවත් කළේ රජය නෙවෙයි : ITSSL වෙතින් නිවේදනයක් !

ඉරාජ්ගේ ෆේස් බුක් පිටුව ඉවත් කළේ රජය නෙවෙයි : ITSSL වෙතින් නිවේදනයක් !

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ නිල ෆේස්බුක් පිටුව රජය විසින් ඉවත්කිරීමක් සිදුවී නොමැති බවත් ඔහුගේ පිටුව පිළිබදව ෆේස්බුක් පරිශීලකයන් හෝ වෙනත් යම් කණ්ඩායමක් විසින් දිගින් දිගටම ෆේස්බුක් වෙත සිදුකරන ලද වාර්තා කිරීම් වල ප්‍රතිඵලයක් ලෙස ෆේස්බුක් ආයතනයෙන් එම පිටුව ඔවුන්ගේ මාර්ගෝපදේශනයන් පිළිනොපදින පිටුවක් යැයි සලකා එම පිටුව Unpublish කර ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔහුගේ පිටුව තම මාර්ගෝපදේශන පිළි නොපදිනවා යැයි කෘතීම බුද්ධිය අනුව තීරණය කොට Unpublish වීමේ අවධානමක් ඇතැයි පෙර සිටම අනතුරු අඟවා ඇති බවත් එම අනතරු ඇගවීම් වලින් පසුව ඔහුගේ නිල ෆේස්බුක් පිටුව Unpublish වී ඇති බවත් එම සංගමය පවසයි.

ෆේස්බුක් පිටු Unpublish වීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීයව සිදුවන ක්‍රියාවලියක් වන අතර මෙම ස්වයංක්‍රීය ක්‍රියාවලියට කිසිදු ෆේස්බුක් නියෝජිතයෙක් හෝ කිසිදු ශ්‍රී ලංකික දේශපාලන පක්ෂයක් මැදිහත් වී නොමැති බවත් එම සංගමය පවසයි.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිකුත්කල නිවේදනය පහත දැක්වෙයි.

itssl

image 1d4e7980d5

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න