සැර බීම බීපු අය : බියර්වලට මාරු වෙලා !

සැර බීම බීපු අය : බියර්වලට මාරු වෙලා !

බියර් බදු මුදල අඩු වීම නිසා සැර මත්පැන් පරිභෝජනය බියර් පරිභෝජනය මත විතැන් වීමක් සිදු වී ඇති බවට නිරීක්ෂණය වේ.

2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාවේ මේ බව අනාවරණය කරයි.

2017 වර්ෂයේ දී රුපියල් බිලියන 113.027 ක් වූ සුරාබදු ආදායම 2018 වර්ෂය තුල දී රුපියල් බිලියන 113.936 කි. 2017 වර්ෂයේ දී 2016 වර්ෂයට සාපේක්ෂව 6.87%ක බදු අඩු වීමක් පෙන්නුම් කළ ද, 2018 වර්ෂයේ දී 2017 වර්ෂයට සාපෙක්ෂව 0.8%කින් බදු ආදායම් වැඩි වීමක් ඇත.

2018 වර්ෂයේ දී සැර මත්පැන් සංශුද්ධ මද්‍යසාර ලීටරයක හා ධාන්‍ය මත්පැන් සංශුද්ධ මද්‍යසාර ලීටරයක බදු මුදල අතර රු. 900ක වෙනසක් පැවති ඇත. එබැවින් මිල සාධකය මත සැර මත්පැන් පරිභෝජනය අඩුවීම මත එහි නිෂ්පාදනය අඩු වීම නිසා සැර මත්පැන් බදු ආදායම අඩු වී ඇති බවට නිරීක්ෂණය වේ.

Beer tax

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න