Language Switcher

V2025

මංගල දූෂිතයි - පාලිත හිමි කියයි : සාදු ! සාදු !! මේ තියෙන්නේ ඇත්ත !!!

ඇක්සා ගිවිසුම වසර දෙකක් තිස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බවත් අතිශය රහසිගතව මේ සියල්ල මංගල සමරවීර ඇමතිවරයා විසින් පිටුපස සිට සිදු කර ඇති බවත් මංගල සමරවීර ඇමතිවරයා යනු මේ ආන්ඩුවේ සිටින ඉතාම දූෂිත ඇමතිවරයෙක් බවත් තීනියාවල පාලිත හිමි සදහන් කර ඇත.

එහෙත් අප කළ සොයා බැලීමේදි අනාවරණය වූයේ උන්වහන්සේ සිදුකළ මේ ප්‍රකාශය පදනම් විරහිත සහ ද්වේෂ සහගතව සිදුකර ඇති ප්‍රකාශයක් බවය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර වෙත තීනියාවල පාලිත හිමි කරන පළමු චෝදනාවට නිසි පිළිතුරු ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසිනි.

පහත සබැඳියාව හරහා එය කියවන්න.

සෝෆා නමින් අලුත් ගිවිසුමක් අත්සන් කරලා නෑ - අගමැති රනිල්

මංගලගේ දූෂණ !

ඒ අනූව කින්නියාවල පාලිත හිමි මුදල් අමාත්‍ය මංගල සමරවීර සම්බන්ධව කිසියම් ද්වේෂයකින් කටයුතු කරන බව පෙන්නුම් කරන්නේ අමාත්‍යවරයා සම්බන්ධ දෙවන චෝදනාව ගෙන බලන විටය.

එහිදී උන්වහන්සේ කියන්නේ මංගල සමරවීර දූෂිත අමාත්‍යවරයකු බවය. ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේ උදවිය ද තිගැස්සෙයි.

ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර ට එරෙහිව දූෂණ චෝදනා කිසිවක් නොමැති නිසාය.

එහෙත් තීනියාවල පාලිත හිමි මුදල් අමාත්‍ය මංගල සමරවීර සමග ආරෝවක් ඇතිකර ගෙන සිටීමට අදාල ප්‍රධාන කරුණක් ඇත.

තනතුරු ප්‍රශ්නයක් !

ඒ ලංකා හොස්පිට්ල්ස් හී උන්වහන්සේ දැරූ අධ්‍යක්ෂ ධූරය මුදල් අමාත්‍ය මංගල සමරවීර ගේ ප්‍රතිපත්තිමය තීන්දුවක් හේතුවෙන් අහිමිවීමේ සිදුවීමය.

එය සිදුවූයේ ලංකා හොස්පිට්ල්ස් ආයතනය මුදල් අමාත්‍ය මංගල සමරවීර ගේ විෂය පථයට එක්වීමත් සමගය.

මංගල ප්‍රතිපත්තිය !

අප වෙත වාර්තා වී ඇති ආකාරයට මංගල සමරවීර අමාත්‍යවරයා ඉතිහාසයේ සිට පවත්වා ගෙන එන ප්‍රතිපත්තියක් ඇත. ඒ තම අමාත්‍යාංශයේ හෝ ඊට අදාල කිසිදු ආයතන ව්‍යුහය ක් තුළ කිසිදු ආගමක පූජ්‍ය පක්ෂය වෙත තනතුරු නොදීමය.

රාජ්‍ය පාලනය සහ නිලධාරී තන්ත්‍රය, ලෞකික තීන්දු තීරණ ගැනෙන ආයතන තුළ පූජ්‍ය පක්ෂය කටයුතු කිරීම එකී පූජ්‍යත්වයට හානියක් බව අමාත්‍යවරයාගේ විශ්වාසය වන බව ඔහුට සමීප ආරංචි මාර්ග ද පවසයි.

තීනියාවල පාලිත හිමිට ලංකා හොස්පිට්ල්ස් හී දැරූ එකී අධ්‍යක්ෂ ධූරය අහිමි වූයේ අමාත්‍යවරයාගේ මේ නොවෙනස් ප්‍රතිපත්තිය නිසාය.

අප සිදුකළ විමර්ශනය අනුව 2016 සහ 2017 යන වසර වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කිරීමෙන් පමණක් තීනියාවල පාලිත හිමි ලක්ෂ ගණනක ආදායමක් ලබා ඇත. ඊට අදාල ලේඛන ද පහත දැක්වෙයි.

IMG 20190711 WA0004

IMG 20190711 WA0005