Language Switcher

V2025

දුම්රිය යළිත් වර්ජනයකට අර අදියි

දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ අංංශයන්හි සේවයේ නියුතු 1500කට අධික සේවක පිරිසක් ස්ථිර කරන ලෙස බල කරමින් දුම්රිය සේවකයන් යළිත් වර්ජනයකට සූදානම් වෙමින් සිටිති. දැනට සේවයේ නියුතු අනියම් සේවකයන් ස්ථිර නොකොට එම තනතුරු සදහා පිටතින් සේවකයන් බදවා ගැනීමට කටයුතු කර ඇති බව පවසන දුම්රිය සේවකයන් එසේ කළ හොත් වෘත්තීය සිමිති එකව් වර්ජනයක් දියත් කඑරන බව සදහන් කරන බවට මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර ඇත.

එහි වැඩිදුරටත් ඔවුන් සදහන් කර ඇත්තේ අනියම් හා ආදේශක සේවකයන් ලෙස අවුරුදු 5ක කාලයක් සම්පූර්ණ කර ඇති සේවකයන් ස්ථිර කරන ලෙසයි. එමෙන්ම 2014 වසරේ සිට දුම්රිය සේවකයන් බදවා ගැනීමේ අවම අධයාපන සුදුසුකම්ද නොසලකා හැර ඇති බවද එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

මේ සදහා විසදුමක් ලබා නොදුන හොත් වෘත්තීය සමිති එක්ව වැඩ වර්ජනයක් දියත් කරන බව ඔවුන් පවසයි.

මීට සති දෙකකට පෙරද වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් පැය 48ක කාලයක් වැඩ වර්ජනය කළ දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ රියදුරන් පසුගිය සතියේ අමාත්‍යාංශ ලේකම් වරයෙකුගේ ක‍්‍රියාකලාපයක් මුල් කර ගනිමින් වැඩ වර්ජනයක නිරත විය. ඒ සෑම බ‍්‍රහස්පතින්දා දිනකම රාත‍්‍රී 12ට වැඩවර්ජනයක් දියත් කිරීමට විරුද්ධව නීිතිමය බලපෑම් සිදු වූ පරිසරයක් තුළය.

මෙවරද ඔවුන් උත්සාහ ගනිමින් සිටින්නේ ඉහත කරුණු දඩමීමා කර ගනිමින් තමන්ගේ වැටුප් වැඩි කර ගැනීමේ වර්ජනය ඉදිරියට ගෙන යාමටදැයි මහ ජනතාව තුළ සැකයක් හට ගෙන ඇත. එමෙන්ම දිනපතා දුම්රියේ ගමන් කරන රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් මීට විරුද්ධව විවිධ අදහස් දක්වමින් සිටිති.