පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධව ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංගයයේ ජන්ද විමසීමේ අවස්ථාවට නොපැමිණි මැති ඇමතිවරුන් සම්බන්ධව මේ වන විට විශේෂ අවධානයක් යොමුව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, විජයදාස රාජපක්ෂ, දුනේෂ් ගන්කන්ද, එස් බී නාවින්න, ඩග්ලස් දේවානන්ද, අශෝක ප‍්‍රියන්ත, ශිවශක්ති ආනන්දන් සහ රාජ්‍ය අමාත්‍ය වී රාධකි‍්‍රෂ්නන් යන අය ඊයේ (11) පැවති විශ්වාසභංග ජන්ද විමසීමේ අවස්ථාවට සහභාගී ව සිටියේ නැත.
ඒ අනූව විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 27 කින් පරාජයට පත්වූ අතර ඊට පක්‍ෂව ඡන්ද 92 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 119 කි.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ මේ මන්ත්‍රීවරුන් අතුරින් කිහිපදෙනකු ඉදිරියේ මෙරට තිබෙන දේශපාලන උනුසුම තවත් වැඩි කරමින් දේශපාලන තීන්දු ගැනීමේ සූදානමක් ඇත්දැයි යන්න සම්බන්ධව පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවය.

