උපවාස රතන යයි : විශ්වාසභංග රතන එයි !

උපවාස රතන යයි : විශ්වාසභංග රතන එයි !

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බදියුදීන්ට යළිත් අමාත්‍යධුරයක් ලබා දුනහොත් ඔහුට විරුද්ධව නැවත විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමි සදහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක සහයෝගය ඇතිව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවත් රතන හිමි පවසයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ අතර, පසුව බදියුදීන් අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන සියලු මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු සිය තනතුරුවලින් ඉල්ලා අස්වූහ.

එලෙස ඉල්ලා අස් වූ අමාත්‍යවරුන්ගෙන් කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මහත්වරුන්, ඔවුන් පෙර කටයුතු කළ අමාත්‍ය ධූරයන්හිම යළි දිවුරුම් දුන් අතර අනෙකුත් අමාත්‍යවරුන්ද යළිත් සිය අමාත්‍යධුර ලබා ගැනීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම් ෆවුසි ප‍්‍රකාශ කර තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න