හේමසිරි සහ පූජිත් වෙනුවෙන් : දප්පුල ලිවේරා පෙනී නොසිටියි !

හේමසිරි සහ පූජිත් වෙනුවෙන් : දප්පුල ලිවේරා පෙනී නොසිටියි !

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති සියලුම පෙත්සම අද (12දා) සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත්තේය.

මෙම පෙත්සම් වෙනුවෙන් නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පෙනී සිටිමින් සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී නොසිටින බවයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනු වී ඇති සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ලබන 18 හෝ ඊට පෙර අධිකරණය හමුවේ ගොනු කරන්නැයිද ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළේය.

මේ සම්බන්ධ ප්‍රතිවිරෝධතා ඇත්නම් ජුලි 25 වැනි දිනට පෙර ගොනු කරන්නැයිද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන්ට නියෝග කළේය.

පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ සභාපතීත්වයෙන් යුතුව පත්කර ඇති විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් වනුයේ බුවනෙක අළුවිහාරේ, සිසිර ද අබෲ, ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී.දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න