අතුරුදහන් වූවන්ගේ කාර්‍යාලය හෝටලයක් කරමු : ගුණවර්ධන න්‍යායක් එයි !

අතුරුදහන් වූවන්ගේ කාර්‍යාලය හෝටලයක් කරමු : ගුණවර්ධන න්‍යායක් එයි !

අතුරුදහන් වූවන්ගේ කාර්‍යාලය තිබෙන ශ්‍රාවස්ති මන්දිරය හෝටලයක් සදහා ලබාදීමට යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන සහ දිනේෂ් ගුණවර්ධන විසින් සිදුකර ඇති බව වාර්තා වෙයි.

ශ්‍රාවස්ති මන්දිරය මේ වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව භාරයේ තිබෙන අතර එය අතුරුදහන් වූවන්ගේ කාර්‍යාලය වෙත ලබාදී තිබෙනවාට වඩා හෝටලයක් කිරීම වඩාත් සුදුසු බව මේ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇති බවත් දැනගන්නට ඇත.

කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ ඒකාබද්ධ විපක්ෂය විසින් අතුරුදහන් වූවන්ගේ කාර්‍යාලය පවත්වා ගෙන යාම අසාර්ථක කිරීමට මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවය.

නියමිත පහසුකම් නොමැති ආයතනයක් බවට එය පත්කිරීම සහ අනතුරුව එය පවත්වාගෙන යාම අර්ථ විරහිත බව තහවුරු කිරීම මේ යෝජනාව පසුපස ඇති බවත් ඒ හේතුවෙන් ආණ්ඩුවේ පාර්ශව ඊට විරෝධයක් පවතින බවත් දැනගන්නට ඇත.

මේ සම්බන්ධව විමසීම සදහා අප අදාල මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ නමුත් එය සාර්ථක වූයේ නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න