පොහොට්ටුවට පනින්න ඉන්න ශ්‍රිලනිප මන්ත්‍රීන් 4 දෙනා : අමරවීර නම් එක්ක හෙළිකරයි !

පොහොට්ටුවට පනින්න ඉන්න ශ්‍රිලනිප මන්ත්‍රීන් 4 දෙනා : අමරවීර නම් එක්ක හෙළිකරයි !

අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 18 දෙනෙකු එක් මතක සිටියද හතර දෙන වැනෙන මතයක සිටින බව සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මහ ලේකම්වරයා මෙම අදහස් පල කලේය.

එහිදී පක්ෂය සමග එක මතයක නොමැති මන්ත්‍රීවරුන් අනාවරණය කිරීමටද මන්ත්‍රීවරයා කටයුතු කළ අතර ඒ, එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල, ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මන්ත්‍රීවරුන් බවත් පැවසීය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග නව සන්ධානයක් පිහිටුවීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බවද සඳහන් කළ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යුතු දේ ගැන කිසිවෙකුගෙන් උපදෙස් අනවශ්‍ය බවද කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න