හේෂා විතානගේ මන්ත්‍රීවරයාව එරෙහිව අගමැතිට පැමිණිල්ලක් !

හේෂා විතානගේ මන්ත්‍රීවරයාව එරෙහිව අගමැතිට පැමිණිල්ලක් !

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට නැවත සිය අමාත්‍ය ධූරය ලබාදීමට එක්සත් ජාතික පෙරමුණ තුළ කිසිදු විරෝධයක් නොමැති අවස්ථාවේ අනවශ්‍ය ප්‍රශ්න මතුකරණ පසුපෙළ මන්ත්‍රීවරුන් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි එම පක්ෂයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට යළිත් අමාත්‍යධූරයක් ලබා දීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් විරෝධය පල කරන බවට හේෂා විතානගේ මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත කර ඇති අදහස් දැක්වීම පදනම් කරගෙන පක්ෂයේ ජේෂ්ඨයින් කිහිපදෙනකු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත මේ බව දන්වා ඇති බවත් වාර්තා වෙයි.

හේෂාගේ කතාව !

හේෂා විතානගේ මන්ත්‍රීවරයා ලංකාදීප වෙත අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා එල්ල වී තිබියදී යළිත් ඔහුට අමාත්‍යධූරයක් ලබාදීම අනුමත කළ නොහැකි බවය.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් වන සියලු චෝදනා විභාග කර අවසන් වනතෙක් ඔහුට අමාත්‍යධූරයක් ලබානොදෙන ලෙසට රජයේ ඉහළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු පවසා තිබේ.

එල්ල වී ඇති චෝදනා සියල්ලටම නිවැරදිකරු වුවහොත් පමණක් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වෙත යළිත් අමාත්‍යධූරයක් ලබාදීමේදී ගැටලුවක් නැතැයිද හේෂා විතානගේ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අගමැතිට පැමිණිල්ලක් !

මේ සම්බන්ධව අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ ජේෂ්ඨයින් අග්‍රාමාත්‍යවරයා වෙත පෙන්වාදී ඇත්තේ මේ අනවශ්‍යය ප්‍රශ්නයක් බවත් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව අවස්ථාවේ ඊට සහය ලබාදුන් මුස්ලීම් මන්ත්‍රීවරුන් ගැන මීට වඩා දියුණු අදහසක් ඇතිව කටයුතු කල යුතු බවය.

එසේම හේෂා විතානගේ වැනි මන්ත්‍රීවරුන්ගේ කට මැත දෙඩවීම නැවැත්විය යුතු බවත් ඔවුන් පෙන්වාදී ඇති බවත් වාර්තා වෙයි.

අපේක්ෂකත්වය කවුරු ලැබුවත් පක්ෂය සමග සන්ධානයක් සමග ඉන්නා මුස්ලීම් අමාත්‍යවරුන් ආරක්ෂාව ඇතිව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය තුළ තබාගත යුතු බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න