CID විමර්ශනය අනූව : පාර්ලිමේන්තුවත් ක්‍රියා කරන්න - රිෂාඩ් වෙනුවෙන් අගමැති දන්වයි !

CID විමර්ශනය අනූව : පාර්ලිමේන්තුවත් ක්‍රියා කරන්න - රිෂාඩ් වෙනුවෙන් අගමැති දන්වයි !

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ රහස් පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවෙන් රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා නිදොස් කර ඇති හෙයින් පාර්ලිමේන්තුවද ඒ වාර්තාව පදනම් කර ගනිමින් ක්‍රියා කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ත්‍රිකුණාමලය කින්නයාහිදී ඊයේ (14) පැවසීය.

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට චෝදනා 300ක් පමණ එල්ල වී තිබුණද එම චෝදනා හා බහුතරය කිසිදු පදනමක් නොමැති බවත් සමහර චෝදනා විභාග කර බැලුවත් පැමිණිලි කරන්නට කිසිවක් නොමැති බවත් රහස් පොලිස් වාර්තාවෙන් දැනුම් දී ඇතැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කළේ ය.

කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාගාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගීවෙමින් මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

“පාස්කු ඉරිදා සිද්ධියෙන් පසු යුද හමුදාපතිට බලපෑමක් කළැයි රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට මුලින්ම චෝදනාවක් එල්ල වුණා. පසුව යුද හමුදාපතිවරයා එවැනි බලපෑමක් නොකළ බව කියා තිබුණා.

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ගැන රහස් පොලිස් වාර්තාව කතානායකවරයාට යවා තිබෙනවා.

මේ පිළිබඳව කාදිනල්තුමා මුණගැසී කරුණු දැනුම් දෙන ලෙස රහස් පොලිසියට සහ තේරීම් කාරක සභාවට පවසා තිබෙනවා. කතෝලික ජනතාවට සාධාරණ කෝපයක් තිබුණා ඒ ගැන විභාග කරන්න. කවුරුන් හෝ බාධා කරනවා දැයි ඔවුන් දැනගත යුතුයි.

මෙම රහස් පොලිස් වාර්තාව ප්‍රතික්ෂේප කරන ලෙස ඇතැමුන් කියා තිබෙනවා. එය ප්‍රතික්ෂේප කිරීම නුවණට හුරු දෙයක් නොවේ. එක වාර්තාවක් ප්‍රතික්ෂේප කළොත් පොලිසියේ සම්පූර්ණ විභාගයන් ගැන සැකයක් ඇතිවෙනවා.

නඩුවක් පැවරීමේදී පවා එවිට ප්‍රශ්නයකට මුහුණ දිය හැකියි. වාර්තාවේ කොටසක් පිළිගෙන කොටසක් පිළිනොගන්නේ කෙසේදැයි කවරෙකුට වුවත් විමසීමට හැකියාව තිබෙනවා. එය රහස් පොලිසියේ කටයුතු අඩපණ කිරීමක්”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න