Language Switcher

V2025

අපේක්ෂකයා ගැන මැදමුලන වරිග සභාවේ කා කොටා ගැනීම යළිත් උච්ච වෙයි !

රාජපක්ෂ වරයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වීමටත් අවස්ථාව ලද හොත් එහදී ඉදිරිපත් කළ යුත්තේ ගෝඨාභය බවට තීන්දු කළ බව ශෂීන්ද්‍ර පසුගියදා සදහන් කළේය . රාජපක්ෂවරුන් 06 දෙනෙක් එක්ව පැවැත්වූ සාකච්චාවකදී මහින්ද රාජපක්‍ෂ මෙම තීන්දුව ගත් බව සති අන්ත ලංකාදීපට ඔහු ප්‍රකාශ කළේය . එපමනක් නොව තම පියා වන චමල් රාජපක්‍ෂගේ නම ද ජනාධිපතිවරණ අපේක්ෂක පෝලිමේ ඇතත් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ යැයි ඔහු සඳහන් කලේය. ශෂීන්ද්‍රගේ මෙම කථාව පැහැදිලිවම ” බොම්ඹේ ලුකින් කල්කටා” වැනි එකකි. ශෂීන්ද්‍ර කරන්නේ කොලේ වසා ගැසීමකි.

මහින්ද සහෝදරයන් කොටවා ගෝටාගේ කට වැසූ හැටි !

පාස්කු ප්‍රහාරයත් සමගම රාජපක්ෂ පවුලේ අපේක්ෂක අරගලය උච්චතම අවස්ථාවට පැමිනියේය. මුස්ලිම් ත්‍රස්තවාදීන් අතුගා දැමීමට තමන් ජනපතිවරණයට ඉදිරිපත් වන බව ගෝටා කෙලින්ම කීවේය. ගෝටාගේ එම ප්‍රකාෂයත් සමගම රාජපක්ෂ පවුල ගිණි ඇවිලී ගියේය. මහින්ද අනෙක් අනෙක් සහෝදරයන් ශූක්ෂම ලෙස භාවිතා කොට ගෝටාගේ කට වැසුවේය . ගෝඨා ‘ඔබ සූදානම් නම් මමත් සූදානම් කියූ දිනයේම 2020 ජනපතිවරණයට අනිවාර්යයෙන් පොහොට්ටුවේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව බැසිල් කියා සිටියේය. ගෝඨාභය පොහොට්ටුවේ සාමාජිකයෙකු ලෙස පෙනී නොසිටින පසුබිමක් තුළ ගෝඨාභයගේ හා බැසිල්ගේ කතා පරස්පර මුහුණුවරක් ගන්නා ලදි.

මහින්දගේ උපදෙස් වලටත් උඩින් ගොස් අපේක්ෂකයා ගැන ශෂීන්ද්‍ර කියන්නේ සද්භාවයෙන්ද !

ගෝටා ‘මම එනවා’ කියා දින හතරක් ගතවීයාමටත් මත්තෙන් චමල් ද ඊට නොදෙවෙනි කථාවක් කීවේය. ලංකාදීප පුවත්පත වෙත ප්‍රකාශයක් ලබා දුන් චමල් ජනපතිධූරය සඳහා තමන් සුදුසු නම් ඒ සඳහා තමන්ද සූදානම් බව පවසා සිටියේය. ඒ සමගම මාධ්‍යට ප්‍රකාෂයක් කළ මහින්ද ‘නියම වෙලාවට නියම අපේක්ෂකයා කවුද කියලා අපි රටට කියනවා’’ කියා කීවේය. තවද අපේක්ෂකයා කවුද යන්න නිලවශයෙන් ප්‍රකශකරන තුරු ඒ පිලිබදව කථා නොකල යුතු බවට පවුලේ උන්ට සහ පොහොට්‍ටු කාරයන්ට දන්වා සිටියේය. දැන් ශෂීන්ද්‍ර ගෝටා අපේක්ෂකයා බව කියන්නේ මහින්දගේ කථාවටද උඩින් යමිනි. ශෂීන්ද්‍රගේ කථාව බටර් බටර් ගා ඇරීමකි.

රටේ මිනිසුන් ශෂීන්ද්‍රගේ ඇරිල්ල වටහා ගත නොහැකි මෝඩයන් නොවේ !

ගෝටාගේ ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කරගැනීමට ඇති හැකියාව ඉතා සීමිතය. ඒ අනුව ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය නිසා ජනාධිපතිවරණය සදහා නාමයෝජනා කැදවීමේදී නුසුදුස්සෙකු වන්නේය. ගෝටා නුසුදුස්සෙකු වූ කල විකල්ප ලෙස ඉතිරි වන්නේ චමල් සහ ශිරන්තීය. ගොනා සහ තණකොල මෙන් චමල්, මහින්දට සහ ශිරන්තීට කීකරු භාවයක් පෙන්වන නිසා 2020 පොහොට්‍ටු අපේක්ෂකයා වීමට ඇති ඉඩ කඩ බොහෝය .හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා සේ, අක්කා පෙන්වා නංගී දීග දෙන්නා සේ ශෂීන්ද්‍ර මේ කරන්නේ චමල්ගේ ආගමනය පිංතාරු කිරීමය. රටේ මිනිසුන් ශෂීන්ද්‍රගේ ඇරිල්ල වටහා ගත නොහැකි තරමේ මෝඩයන් නොවේ .

තුෂාරා වන්නිආරච්චි