මහින්ද අපේක්ෂකයා තෝරා අවසන් : ඒ ගෝඨා : සිරිසේන හාන්සියි !

මහින්ද අපේක්ෂකයා තෝරා අවසන් : ඒ ගෝඨා : සිරිසේන හාන්සියි !

රාජපක්ෂලා 6ක් එකතුව එකට ගනු ලැබූ තීරණයක් හේතුවෙන් ජනාධිපති සිරිසේනට පොහොට්ටු - ශ්‍රිලනිප යෝජිත සන්ධානයේ අපේක්ෂකත්වය අහිමිවීමේ තත්ත්වයක් උද්ගතව තිබේ.

ඒ ඌව පළාතේ හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ සිදුකර ඇති අනාවරණයක් හේතුවෙනි.

එහිදී ඔහු සදහන් කර ඇත්තේ රාජපක්ෂවරයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වීමටත් අපේක්ෂකත්වය ලද හොත් එහ දී ඉදිරිපත් කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ බව තීරණය කරන ලද බව
දැනට දේශපාලනයේදී සිටින රාජපක්ෂවවරුන් 06 දෙනෙක් එක්ව පැවැත්වූ සාකච්චාවකදී මහින්ද රාජපක්‍ෂ මහතා විසින් තීන්දු කරනු ලැබූ බවය.

ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ සති අන්ත ලංකාදීප පුවත්පත හා අදහස් පල කරමිනි.

තම පියා වන චමල් රාජපක්‍ෂගේ නම ද ජනාධිපතිවරණ අපේක්ෂක පෝලිමේ ඇතත් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ යැයි ද ඔහු සඳහන් කර තිබේ.

එනම් ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස රාජපක්ෂ වරයෙකු ඉදිරිපත් වන්නේ නම් ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් යයිද ඔහු කියා සිටී.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න