සිරිසේනගේ ජාතික ශෝක දිනයට : එජාප ප්‍රතිචාරය මෙන්න !

සිරිසේනගේ ජාතික ශෝක දිනයට : එජාප ප්‍රතිචාරය මෙන්න !

පාලකයකින් සිදුකළ යුත්තේ පුද්ගලයන් වැරැදි සිදුකරන තුරු බලාසිට දඬුවම් දීම නොව වැරදි කිරීමෙන් පුද්ගලයන් මුදා ගැනීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේ මරණ දඬුවම අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන එන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන බවට ජනාධිපතිවරයා සිදු කළ ප‍්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්ය.

ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සදහන් කර ඇති අතර එහිදී "මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ශෝක දිනයක් වෙනවා නම් ශෝක දිනයක් හැටියට සුදු කොඩි එසවිය යුතුතේ වැරදිකරුවන් වෙනුවෙන් නෙමෙයි වැරැද්ද වෙනුවෙන්." යනුවෙන්ද මන්ත්‍රීවරයා සදහන් කර තිබේ.

මරණ දඬුවම ක‍්‍රියාත්මක කළහොත් ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් හිමිවන සහය ද අහිමි වනු ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න