පොලිස් කොමිසමේ ලේකම් අත්අඩංගුවට ගන්න දෙනවාද : තීන්දුව අද !

පොලිස් කොමිසමේ ලේකම් අත්අඩංගුවට ගන්න දෙනවාද : තීන්දුව අද !

ගාලු වරයාට නුදුරු මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධව නීතිපතිවරයාගේ උපදෙස් මත තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් එය වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක විසින් ගොනුකළ පැමිණිල්ලේ තීන්දුව අද (17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

පැමිණිල්ලට අදාල නඩුව පසුගිය 15වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැඳවා තිබූ අතර එහිදී අදාළ තීන්දුව 17 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය විය.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධව ඇවන්ගාඩ් සමාඟමේ සභාපති නිශ්ශංක සේනාධිපති, ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දන්වා තිබිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න