රට යුදපිටියක් වෙලා කියාගෙන ගෝඨා ඉල්ලයි : සලකා බලන්නම් - මහින්ද දන්වයි !

රට යුදපිටියක් වෙලා කියාගෙන ගෝඨා ඉල්ලයි : සලකා බලන්නම් - මහින්ද දන්වයි !

රට බේරා ගැනීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කිරීමට ශ්‍රී ලංකා ජාතික රණවිරු බළකායේ නිලධාරී මණ්ඩලය නම් පිරිස ඊයේ (16) විපක්ෂනායක මහින්ද රාජපක්ෂ හමුවීමට තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණි නමුත් ඔවුන් අපේක්ෂා කල ආකාරයේ පිළිගැනීමක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙතින් නොලැබී ඇතැයි වාර්තා වෙයි.

ලංකාව නැවතත් යුද පිටියක් බවට පත්ව ඇති අතර මේ හේතුවෙන් රට බේරා ගැනීමට සියළුම ආගම්වල සිවිල් ජනතාව සමඟ එකතු වීමට තීරණය කර බලවේගයක් ගොඩනැගීමට තීරණය කළ බව පවසමින් ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස මෙම රණවිරුවන් ලෙස ලේබල් ගසාගෙන පැමිණි පිරිස ඉල්ලා ඇත.

එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ අදාළ ඉල්ලීම ගැන තමන් සලකා බලන්නම් කියා පමණි. එසේම තමන් තවම ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන්නේ කාටද යන්න ගැන තීන්දුවක් ගෙන නොමැති බවත් එය එළඹෙන අගෝස්තු 11 වනදා දන්වන බවත් විපක්ෂ නායක පවසා ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න