වසර 49 කට පසුව : කිරිවෙහෙරේ ආලෝක ප්‍රශ්නය රවී විසඳයි !

වසර 49 කට පසුව : කිරිවෙහෙරේ ආලෝක ප්‍රශ්නය රවී විසඳයි !

කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ මෙතෙක් නොවිසඳී පවතින විදුලිය සම්බන්ධ ගැටළු සදහා කඩිනම් විසදුම් ලබාදීමටත්, විහාරස්ථානයේ ඉදිරි විදුලි සංවර්ධන කටයුතු සිදුකිරීමටත් අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අදාළ අංශ දැනුවත් කර තිබේ.

ඓතිහාසික රුහුණූ කතරගම මහා දේවාලයේ ඇසළ මහා පෙරහැරට සමගාමීව, පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50 ක් පිරීම නිමිති කරගනිමින් සංවිධානය කර තිබූ කිරිවෙහෙර වහන්සේ විෂයෙහි පැවැති කප්රුක් පූජාව ඇතුළු කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ පැවති පිංකම් මාලාවකට සහභාගීවු අමාත්‍ය රවී කරුණානායක එම විහාරස්ථානයට අදාළ පරිශ්‍රය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, එම විහාරස්ථානයට අදාළ විදුලි සංවර්ධන කටයුතු ඉටු කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී තිබිම විශේෂත්වයක් වේ.

1970 වසරේ ස්ථාපිත කර ඇති කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ආලෝකකරණ පද්ධතිය, මේ වනවිට වසර ගණනාවක් පුරාවට නවීකරණයකට භාජනය කර නොමැත. ඒ අනුව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා, අදාළ විදුලිය නවීකරණ කටයුතු සිදු කිරීමටත්, කිරිවෙහෙර පරිශ්‍රය පුරාවටම නව විදුලි ආලෝකකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමටටත් තමා අවශ්‍ය පියවර ගන්නා බව, කිරිවෙහෙර විහාරාධිපති ස්වාමීන් වහන්සේ බැහැදැකීම පිණිස පැමිණි අවස්ථාවේ උන්වහන්සේට පොරොන්දු වී තිබේ.

සම්බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා දේශපාලඥයෙක් විසින් ස්වේච්ඡාවෙන් මෙවැනි උතුම් කර්තව්‍යයක් සිදුකිරිමට ඉදිරිපත්වීම විශිෂ්ට ක්‍රියාවක් බවත්, තමන් රජයෙන් මෙතෙක් මෙවැනි කටයුත්තක් සිදුකර දෙන ලෙසට ඉල්ලීමක් පවා සිදු කර නොමැති බවත්, පොදු මහජනතාව වෙනුවෙන් සිදුකරන මෙම උතුම් කටයුත්ත වෙනුවෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන විෂයභාර අමත්‍යවරයාට තමා ස්තුතිවන්ත වන බවත්, කිරිවෙහෙර විහාරාධිපති ස්වාමීන් වහන්සේ පැවසීය.

image dc5252fe65

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න