පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය වලක්වා ගැනීමට අසමත් වීමේ වරදට වගකිව යුත්තේ බුද්ධි අංශ නිළධාරීන් නම් එය සාමාන්‍ය ජනතාව විසින් දැනගත යුතු බව පාස්කු ප්‍රහාරය සම්බන්ධෙයන් විමර්ශනය කිරීම සඳහා පත්කළ පාර්ලිමේ තේරීම් කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ කැලණිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
බුද්ධි අංශ නිළධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම තේරීම් කාරක සභාවේ වගකීම බවත් බුද්ධි අංශ අනාවරණය වීම හේතුවක් කර ගනිමින් බුද්ධි අංශ නිළධාරීන් තේරීම් කාරක සභාව හමුවට පැමිණීම වැලැක්වීම සාධාරණ නොවන බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.
පාස්කු ප්‍රහාරය ගැන කලින් දැන සිටි බවට ජනාධිපතිවරයාට ද චෝදනා එල්ල වන බැවින් ඔහුගෙන්ද සාක්ෂි ලබා ගැනීම තේරීම් කාරක සභාවේ විමර්ශනවලට වැදගත් වන බවත් ඉදිරි මාසයක් වැනි කාලයක් තුළ තේරීම් කාරක සභාවේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත.

