ආණ්ඩුව තෙල් මිල වැඩි කරේ ගල් අඟුරු වංචාවේ පාඩුව පියවා ගන්න - නාමල් රාජපක්ෂ

ආණ්ඩුව තෙල් මිල වැඩි කරේ ගල් අඟුරු වංචාවේ පාඩුව පියවා ගන්න - නාමල් රාජපක්ෂ

ආණ්ඩුව තෙල් මිළ වැඩි කළේ ගල් අඟුරු වංචාව හේතුවෙන් සිදු වූ පාඩුව පියවා ගැනීමට යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ අදහස් පළ කළේ නෙළුම් මාවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්‍යාලයේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...

ලෝක වෙළඳ පොළෙහි තෙල් මිල යළි අඩු වුණා

පහුගිය කාලේ මේ රටේ ජනාධිපතිවරයා ඇවිල්ලා කිව්වා දවස් 45කට තෙල් තියෙනවා කලබල වෙන්න ඕනෙත් නැහැ තෙල් මිල වැඩි කරන්නෙත් නෑ කියලා. ඇමතිවරයත් කිව්වා. හැබැයි දැන් තෙල් මිල වැඩි කරලා තියෙනවා දැන් තෙල් මිල වැඩිකරේ ලෝක වෙළඳපොළේ මිල ගණන් අනුව කියනවා. වැඩි කරලා පැය විසි හතරක් යන්නත් කලින් ලෝක වෙළඳපොළේ මිලෙත් යම් අඩුවීම සිද්ධ වෙලා තියෙනවා. දැන් අපට සාධාරණ සැකයක් තියෙනවා. ආණ්ඩුව කියන විදිහට දවස් 45ක තෙල් සංචිත තියෙනව නම් ඇයි මේ තකහනියක් තෙල් මිල වැඩි කරේ. ගල් අඟුරුවලින් වෙච්ච වංචාව මේ රටේ ජනතාවට ඒ පාඩුව ජනතාවගේ ඇඟට පටවලා ජනතාව ගෙන් ඒ ගියපු පාඩුව ආණ්ඩුව ලබාගන්න උත්සාහයක් විදිහට තමයි අපි දකින්නේ. පැහැදිලිවම ගල් අඟුරු මගඩියෙන් මහා දැවැන්ත වංචාවක් වෙලා තියෙනවා ඒකේ වෙච්ච පාඩුව ජනතාව පිට පටවන බවක් අද අපට පේන්න තියෙනවා.

ආණ්ඩුව අභියෝගයට මුහුණ දෙන්න සූදානම් ද...?

ආණ්ඩුව පැහැදිලිවම තීන්දු කළ යුතුයි මේ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහනක් කළ යුතුයි. ඉතින් ආණ්ඩුවට ඒ වැඩපිළිවෙළ පිළිබඳව දැනුමක් තියෙනව ද, පෙර සූදානමක් තියෙනව ද කියන කාරණය පිළිබඳව  අපිට සාධාරණ සැකයක් තියෙනවා. මොකද හිතාමතාම ගල් අඟුරු ටෙන්ඩරය මාස දෙකක් කල් දාලා, බාල ගල් අඟුරු ගෙනල්ලා මහා දැවැන්ත වංචාවක් මේ රටේ ජනතාවට සිද්ධ කරන්න තරම් කටයුතු කරා නම් ඒ වගේම තමයි ඒ පාඩුව පියවගන්න තමන් ගාව තෙල් සංචිත තියෙනවා කියලා කියද්දිත් තෙල් මිල වැඩි කරා නම් ඉදිරි කාලසීමාව තුළත් මේ ආණ්ඩුව මේ අභියෝගයට මුහුණ දෙන්න සූදානම් ද නැද්ද කියලා කියන ගැටලුව තියෙනවා. අද ආණ්ඩුව පැහැදිලිවම තීන්දුවක් ගත යුතුයි මේ   බර  ජනතාව පිට පටවනව ද එහෙම නැත්නම් යම් සාධාරණ වැඩපිළිවෙළක් සමග ඉස්සරහට යනවද කියන කාරණය. ඒ සදහා  අපි විශ්වාස කරනවා ආණ්ඩුව මීට වඩා දීර්ඝ සාකච්ඡාවක් මේ රටේ පෞද්ගලික අංශය සහ අනෙකුත් දේශපාලනික පක්ෂත් ඒකරාශි  කරගෙන මේ  මැද පෙරදිග  ගල්ෆ් කලාපයේ  ඇතිවෙලා  තියෙන යුදමය වාතාවරණයත්  එක්ක අපේ රටට කෙටි සහ මධ්‍ය කාලීන වගේම දිගු කාලීනව විය හැකි බලපෑම පිළිබඳව අද අවධානය යොමු කරමින් තීන්දු තීරණ ගන්න ඕනේ. හැබැයි ඒකත් එයාලා හිතනවා නම් තමන් ගේ පක්ෂයට මේක  කරගන්න පුළුවන් කියලා, අපි ඒ පක්ෂය හිතන විදිහට තමයි මේ ලෝකෙ වැඩවෙන්නේ කියලා, ඉතින් එහෙම වුණොත් මේ රටේ ජනතාවට සාධාරණයක් වෙන්නේ නෑ. 

විෂය භාර ඇමතිවරයා පිළිබඳ ජනාධිපතිවරයා ගේ තීන්දුව...?

පළවෙනිම දේ තමයි ජනාධිපතිවරයා විෂය භාර ඇමතිවරයා සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕන. මොකද විෂය භාර ඇමතිවරයා සම්බන්ධයෙන් ගල්අඟුරු වංචාව වගේ ම තවත් ලොකු චෝදනා එල්ල වෙලා තියෙනවා. අපි දැක්කා ඒ පිළිබඳව මාධ්‍යයෙන්. අධි චෝදනා ලබා දීමක්  කාරණාවකුත් අපි මාධ්‍යයෙන් දැක්කා. ඉතින් මං හිතන්නේ පළවෙනි ම දේ ජනාධිපතිතුමා ඒ කාලේ කියපු කාරණා එක්ක ජනාධිපතිතුමා විෂය බර ඇමතිවරයා සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕන. මං හිතන්නේ ආණ්ඩුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දිනය කරනව ද නැද්ද කාරණයට අවධානය යොමු කරන්න කලින් මැයි දිනය වන තෙක් රටේ ජනතාව ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා ආහාර ලබාදීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් හදන්න ඕන.

වී මිල සම්බන්ධයෙන්  ආණ්ඩුව නිශ්ශබ්දයි

මේ ආණ්ඩුව අදටත් ගොවියා ගේ පොහොර ටික දෙන්න කටයුතු කරන්නේ නෑ. වීවලට සාධාරණ මිලක් දෙන්න කටයුතු කරන්නේ නෑ. දැන් ගොයම් කැපෙනවා. තාම වී මිල සම්බන්ධයෙන්  ආණ්ඩුව නිශ්ශබ්දයි හැබැයි හාල් පිටරටින්  ගේන්න එළවල පළතුරු පිරි රටින් ගෙනල්ල කන්න දෙන්න පුළුවන් යුගයක් හදන්න තමයි මේ ආණ්ඩුව නිර්මාණය කරන්නේ. ඒ එක්කම අද මැද පෙරදිග යුදමය තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒ අනුව ලෝකයේ ම ආහාර පිළිබඳව සහ අත්‍යවශ්‍ය භාණ්ඩ පිළිබඳව හිඟයක් ඇතිවෙමින් පවතිනවා. ලංකාවේ ජනාධිපතිවරයෙක් කිව්වා දවස් 45කට තෙල් තියෙනවා කියලා අපි දකිනවා එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල්වලත් මේ වනවිට පෙර සූදානමක ඉන්නවා. හැබැයි අපේ ආණ්ඩුව එවැනි සූදානමකට ලෑස්ති වෙන බවක් පේන්නේ නෑ ඒ හින්දා ශ්‍රී ලංකා පොදුජන පේරමුණ අපේ දේශපාලනය අපි කරගන්නම්. හැබැයි ආණ්ඩුව මැයි දිනයේ කෙසේ වෙතත් එතකන් ආණ්ඩුව දුවන විදියක් කල්පනා කරලා තීන්දු තීරණ ගත්තොත් හොඳයි.

ගම්පහ පළමුවෙනියාට මෙකෙද වුණේ...?

 ජී.එල් පීරිස්  මැතිතුමා හිටියේ අන්තිම කාලේ අලි සබ්‍රි. ඒතමා මං හිතන්නේ අපේ විදේශ කටයුතු අමාත්‍යවරයා. කාර්යභාරයක් තියෙනවා ඒ වගේම ඉතාමත් අසීරු කාලසීමාව විශේෂයෙන්ම යුද්ධය පැවති කාලසීමාව තුළ රෝහිත බෝගොල්ලාගම අමාත්‍යවරයා යම් කාලයක් හිටියා ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා හිටියා ඉතින් එතුමන්ලා  විදේශ අමාත්‍යවරු  විදිහට මේ රටට විශාල වැඩ කොටසක් කරපු අය. දැන් ඔබතුමා මගෙන් අහන්න උත්සාහ කරන්නේ විදේශ අමාත්‍යවරයා ගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව නම් මට ඒක ප්‍රශ්නයක් නෑ ඉතින් එතුමාට ඉංග්‍රීසි භාවිතය පිළිබඳ ප්‍රශ්නයක් තියේ නම් සිංහල කතා කරන්න පුළුවන්. මං හිතන්නේ මං අවංකවම ගත්තොත්  එතුමාට දීපු පිළිතුර එතුමා කිව්වා. හැබැයි දෙවැනි ප්‍රශ්නෙ තේරුම් ගත්තෙ නැති බවක් තියෙනවා. ඉතින් මම නම් හිතන්නේ එවැනි අවස්ථාවක සිංහලෙන් පිළිතුරු දීල ට්‍රාන්ස්ලේට් කෙනෙක් පාවිච්චි කරොත් හොඳයි. ලෝකයේ බොහෝ රටවල ඒක කරනවා ඉතින් ආණ්ඩුවේ එකසිය පනස් නවයෙන් එකයි දාන්න ඉතින් ඔය තෝරලා යවපු අය තමයි ඉන්නේ. ඉතින් ජනාධිපතිතුමා ම කියනවනම් තෝරලා  තියෙන පාපිසි කෑලි කියලා ඉතින් අපි මොනව කරන්න ද මං හිතන්නේ ඉතින්  මෙතුමා ජාතික ලැයිස්තුවේ නෙමෙයිනේ ආවෙ. ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්දෙ අරන් ආපු කෙනා නේ... ගම්පහ හම්බන්තොට නෙවෙයි, අනුරාධපුරෙත් නෙවෙයි, ගම්පහ ඉතින් වැඩිම ඡන්දෙ අරන් ආපු කෙනා.''

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න