රාජපක්ෂලා ලංකාව ආසියාවේ කුණුගොඩ බවට පත්කරලා : මෙන්න සාක්ෂි !

රාජපක්ෂලා ලංකාව ආසියාවේ කුණුගොඩ බවට පත්කරලා : මෙන්න සාක්ෂි !

රාජපක්ෂ පාලන සමයේ නිකුත් කරන ලද අංක 1818-30 දරන ගැසට් නිවේදනය හරහා රේගු ආඥා පනත, විනිමය පාලන පනත, ආනයන අපනයන පාලන පනත ආදියෙහි පාලනයෙන් තොරව භාණ්ඩ ආනයන හා අපනයන කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම සළසා දී ඇති බවත් එමඟින් මේ වනවිට සිදුව ඇත්තේ නීත්‍යානුකූල වෙළඳාම පහසුකරනවා වෙනුවට රටත්, ජනතාවත්, ආර්ථිකය සහ පරිසරයත් විනාශක කරා රැගෙන යාමට ජාවාරම්කරුන්ට ඉඩකඩ සළසාදීම බව සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජේ.ඒ. ගුණතිලක සඳහන් කරයි.

සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජේ.ඒ. ගුණතිලක  මේ බව මුදල් ඇමතිවරයා, රේගු අධ්‍යක්ෂක ජනරාල්වරිය , ශ්‍රී ලංකා රේගුව වෙත නිකුත් කරන ලද ලියවිල්ලක් මගින් පෙන්වා දී ඇත.

පසුගිය දිනවල කසල කන්ටේනර් තොගයක් මෙරටට පැමිණ ඇත්තේ ද, වියට්නාමයේ ගම්මිරිස් මෙරටට ගෙන්වා ප්‍රති අපනයනය සිදුකරන්නේ ද මෙම ගැසට් නිවේදනය හරහා බව සමස්ත ලංකා රේගු සේවා සංගමය පවසයි.

එබැවින් මෙම විනාශකාරී ගැසට් නිවේදනය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජාවාරම්කරුවන් සියල්ල රට හමුවේ අනාවරණය කර දඬුවම් ලබාදෙන ලෙසත් සමස්ත ලංකා රේගු සේවා සංගමය පවසයි.

එම සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

ගරු මුදල් ඇමතිතුමා,

මුදල් අමාත්‍යාංශය,

කොළඹ 01.

මැතිතුමණි,

දැනට මහත් ආන්දෝලනයට ලක්වී ඇති කුණු කන්ටේනර් ගෙනඒම සඳහා මග පෑදූ 2013-07-30 දිනැති අංක 1818-30 දරණ ගැසට් පත‍්‍රය අහෝසි කරන ලෙසත් ඊට සම්බන්ධ ජාවාරම්කරුවන් රටහමුවේ අනාවරණයකර ඔවුන්ට දඬුවම් ලබාදෙන ලෙසත් ඉල්ලීම.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් 2013-07-11 දින නිකුත් කරන ලද අංක 1818-30 දරණ ගැසට් නිවේදනය මගින් රේගු ආඥා පනත, විනිමය පාලන පනත, ආනයන අපනයන පාලන පනත ආදියෙහි පාලනයෙන් තොරව භාණ්ඩ ආනයන හා අපනයන කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම ලබාදී තිබේ.

කටුනායක නිදහස් වෙළඳ කලාපය, හම්බන්තොට වරාය හා ගුවන්තොටුපළ පිහටුවන “Hub” තුලට නිදහසේ භාණ්ඩ අපනයනය කිරීමට මේමගින් ඉඩකඩ විවරවුනි.

රටට මහත් ව්‍යසනයක් වියහැකි දැනට රේගුව විසින් අනාවරණය කරගෙන ඇති අපද්‍රව්‍ය අඩංගු බහාලූම් මෙරටට ගෙන්වා ඇත්තේ මෙම ගැසට් නිවේදනයේ ප‍්‍රතිපාදන යොදාගනිමිනි. ඒවාගෙන්විත් ඇත්තේ 2017 වසරේදී වන අතර එලෙසගෙන්වන ලද බහාලූම් සැලකියයුතු ප‍්‍රමාණයක් මේ වන විටත් වරායෙන් මුදවාගෙන කටුනායක පිහිටි  “Hub” තුලට ගෙනගොස් ඇතිබව තහවුරු කරන ප‍්‍රවෘත්තියක් 2017-07-12 වන දින රාත‍්‍රී 10ට පමණ එක්තරා විද්‍යුත් නාලිකාවක් මගින් විකාශනය කරන ලදි. එම නිසා රටේ ජනතාවත් එහි පාරිසරික පද්ධතියත් විශාල අනතුරකට ලක්වී ඇති බව අපේ අදහසයි.

මෙම අප ද්‍රව්‍ය අඩංගු බහාලූම්වලට අමතරව මීට ඉහත දී වියට්නාමයෙන් ගම්මිරිස් ගෙන්වා ඒවා ලංකාවේ ගම්මිරිස් ලෙස ප‍්‍රති අපනයනය කල ජාවාරම්කරුවන් අපගේ ගම්මිරිස් වෙළඳපල විනාශකරන ලද්දේ ද මෙම ගැසට් පත‍්‍රයේ ප‍්‍රතිපාදන උපයෝගී කරගනිමිනි.

ඒ අනුව මෙම ගැසට් පත‍්‍රය තුලින් ඇත්තටම සිදුවී ඇත්තේ නීත්‍යානුකූල වෙළඳාමට පහසුකම් සලසනවා වෙනුවට අපගේ රටත්, ජනතාවත්, ආර්ථිකයත්, පාරිසරික පද්ධතියත් විනාශ කිරීම සඳහා ජාවාරම්කරුවන්ට ඉඩකඩ විවෘත කිරීමයි.

එම නිසා මෙම ගැසට්නිවේදනය වහාම අවලංගු කරන ලෙසත් මෙම ජාවාරමට සම්බන්ධ සියලූමදෙනා රට හමුවේ අනාවරණය කර ඔවුන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිමු.

ප‍්‍රශ්නකාරී ගැසට් නිවේදනයේ පිටපතක්, ඊටඅදාල දෙපාර්තමේන්තු නියෝගයේ පිටපතක් හා අපද්‍රව්‍ය බහලූම්වලට අදාල waybill පිටපතත් ඔබතුමාගේ පහසුව පිණිස මේ සමග ඉදිරිපත්කරමු

ස්තූතියි,

මෙයට,

ජේ.ඒ.ගුණතිලක

ප‍්‍රධානලේකම්

සමස්ත ලංකා රේගු සේවාසංගමය

පිටපත්: – රේගු අධ්‍යක්‍ෂක ජනරාල්තූමිය, ශ‍්‍රී ලංකාරේගූව

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න