පාස්කු වගඋත්තරකරුවන්වත් මරන්න ඕන : ජනාධිපති පන්සලේදීත් කියයි !

පාස්කු වගඋත්තරකරුවන්වත් මරන්න ඕන : ජනාධිපති පන්සලේදීත් කියයි !
මරණීය දණ්ඩනය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට වන සූදානම අපේ‍්‍රල් 21 වනදා මහා විනාශයක් සිදු කරමින් 300කට ආසන්න අහිංසක ජනතාවගේ ජීවිත උදුරාගත් ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී කි‍්‍රයාවට අදාළ වගඋත්තරකරුවන්ට  හිමිවිය යුතු දඩුවම වළක්වාලීමට ද ගන්නා උත්සාහයක් බව තමා විශ්වාස කරන බව ජනාධිපති සිරිසේන පවසයි.
 
ජනාධිපති සිරිසේන මේ බව ප‍්‍රකාශ කළේ පැළෑද රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද සර්වඥ ධාතු මන්දිරය, පුස්තකාලය සහ ධර්ම මන්දිරය සඝ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ (16) පස්වරුවේ එක් වෙමිනි.  
මෙරට අපරාධ නීතියට අනුව මිනී මැරුමකට, රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයකට මෙන්ම ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන් ස`දහා ද වැරදිකරුවෙකු වුවහොත් මරණීය දණ්ඩය හිමිවන අතර මරණීය දණ්ඩය අහෝසි කිරීමට ආණ්ඩුවේ ඇතැම් පිරිස් ගන්නා උත්සහය තුළින් එම කිසිදු අපරාධකරුවෙකුට දඩුවම් ලබාදීමට නොහැකි වන බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.  
ජනාධිපති සිරිසේන එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ අපේ‍්‍රල් 21 දා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ සෑම අයෙක්ම මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඒ අයට විරුද්ධව පරික්ෂණ අඛණ්ඩව සිදුවන බවත්, ඔවුන්ට එරෙහිව පැහැදිළි සාක්ෂි තිබෙන අතර නිති පොතට අනුව ඔවුන්ට ද මරණීය දණ්ඩනය හිමි විය යුතු බවයි.  
සමාජයක් යහපත් කිරීමට රාජ්‍ය පාලනය තුළ දණ්ඩනය කි‍්‍රයාත්මක විය යුතු අතර දණ්ඩනයට බිය විම තුළින් සමාජය තුළ වැරදි අවම වී යහපත් සමාජයක් සහ රටක් ගොඩනැගෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

කුමන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය ප‍්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බවත්  ජනාධිපති එහිදී පවසා ඇත.
 
තවද මහබැංකු මංකොල්ලයට අදාළ සියලූ වගඋත්තරකරුවන් ද මේ වන විට සොයාගෙන තිබෙන අතර, ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, රටින් පිට සිටින අයට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇති අතරම, අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා  තමා සිංගප්පුරු අග‍්‍රාමාත්‍යවරයා  සමග පෞද්ගලිකවම සාකච්ඡා  කර ඇති බවත්, එම සියලූ පරික්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න