ගෝඨාට එරෙහි චෝදනා සංශෝධනයට !

ගෝඨාට එරෙහි චෝදනා සංශෝධනයට !

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ චෝදනා සංශෝධනය කළ යුතු තත්වයක පවතින්නේ නම් ඒවා සංශෝධනය කිරීමේ වරදක් නොමැති බව සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන ට දැනුම්දී තිබේ.

ඒ හම්බන්තොට ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රුපියල් මිලියන 33.9ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ චෝදනා ගොනු කර ඇති ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් සහ අදාළ නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තමන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ විශේෂ අභියාචනා පෙත්සම අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ ය.

අපරාධ නඩුවක විත්තිකරුවෙකුට තමන්ට එල්ල වී තිබෙන චෝදනාව කුමක්ද යන්න පිළිබඳව නිරවුල් අවබෝධයක් තිබිය යුතු බවත් එසේ නොවන්නේ නම්එය ගැටළු සහගත බවත් විනිසුරු සිසිර ද ආබෘ ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් අදාළ පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 09 වනදා කැඳවීමට නියම කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එදින මීට අදාළව කරුණු දක්වන මෙන් දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න