ලංකාව ආසියාවේ කුණුගොඩ කළ : මහින්දගේ ගැසට් පත්‍රය මෙන්න !

ලංකාව ආසියාවේ කුණුගොඩ කළ : මහින්දගේ ගැසට් පත්‍රය මෙන්න !

ලංකාව ආසියාවේ ඓශ්චර්ය කරන බවට මාධ්‍ය සංදර්ශන පවත්වමින් රාජපක්ෂ පාලනය ලංකාව සැබවින්ම ගෙන ගියේ කොතනටද යන්නට කදිම නිදර්ශනයක් මේ බව විට අනාවරණය වී තිබේ.

ඒ හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් 2013-07-11 වන දින නිකුත් කල අංක 18-18-30 දරන ගැසට් පත‍්‍රයයි.

අද කාගේත් දැඩි අවධානයක් දිනා ඇති විදේශීය අපද්‍රව්‍ය අඩංගු බහලූම් සිය ගණනක් ආනයනය කර තිබීම සිදුව ඇත්තේ මේ ගැසට් පත්‍රය අනුව යමිනි.

මේ වන විට එම අපද්‍රව්‍ය අඩංගු බහලූම් 225කට ආසන්න ප‍්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඉන් 120ක්ම වරායෙන් මුදාගෙන කටුනායක වෙළඳ කලාපය තුල ගබඩා කර තිබෙන බව දැනගන්නට ඇත.

මේ බව සහතික කරමින් පළමුව අනාවරණය කර සිටියේ සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ජේ.ඒ.ගුණතිලක විසින් පසුගිය 18 වනදා ජනාධිපති සිරිසේන වෙත යොමුකළ ලිපිය හරහාය. එහි පිටපත් මුදල් අමාත්‍ය, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මෙන්ම රේගු අධ්‍යක්‍ෂක ජනරාල්තූමිය වෙතද යොමුකර තිබිණ.

එහිදී සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ජනාධිපතිවරයා අමතා දන්වා තිබුණේ ජනාධිපති සිරිසේන යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පිරිසක් පවා අපද්‍රව්‍ය ගබඩා කර තිබු එම ස්ථානයට ගොස් තිබූ නමුත් ඔවුන්ද ජාවාරම්කරුවන් විසින් ලබාදෙන තොරතුරු අනුව ප්‍රකාශ ලබාදෙනවා මිස නිසි අධීක්ෂණයක් සිදුනොකර ඇති බවය.

ලැබී ඇති තොරතුරු වලට අනුව මේ වන විටත් ගොඩබාන ලද අපද්‍රව්‍ය වලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් රට තුළට බැහැර කර ඇති අතර ඉතිරි ඒවාද සූක්ෂම ලෙස එසේ බැහැර කරනු ඇති බවත් එසේ වුවහොත් අපේ රටේ පරිසර පද්ධතියට සිදුවිය හැකි හානිය සුළුපටු නොවන අතර එහි වන්දිය නූපන් පරම්පරාවලටද ගෙවීමට සිදුවනු ඇති බවත් සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ජේ.ඒ.ගුණතිලක සිය ලිපියේ සඳහන් කර තිබිණ.

පහත දැක්වෙන්නේ මේ සා විශාල දීර්ඝ කාළීන පරිසර විනාශයක් වෙනුවෙන් රාජපක්ෂ පාලනය නිකුත්කර තිබු අදාළ ගැසට් පත්‍රයයි. එහෙත් ඔවුන් තවමත් ජනතාව නොමග යවමින් සිටින්නේ අත්සන් කර නොමැති සෝපා ගිවිසුමක් ගැන පට්ටපල් බොරු දෙසා බාමිනි.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න