වෛද්‍ය සාෆිගේ අර්බුදයට : පාඨලී දෙන සංඛ්‍යාන විසඳුම මෙන්න !

වෛද්‍ය සාෆිගේ අර්බුදයට : පාඨලී දෙන සංඛ්‍යාන විසඳුම මෙන්න !

වෛද්‍ය සාෆි සම්බන්ධ නඩුව සංඛ්‍යානය හරහා සතියකින් විසඳීමට හැකි ගැටලුවක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම අදහස් පළකර සිටියේ, හෙට්ටිපොළ පඬුවස්නුවර සතිපොළ සහ බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පැවරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ ෂාපි ෂිහාබ්දීන් වෛද්‍යවරයා පිළිබඳ ගැටළුව සතියකින් විසඳිය හැකි බවත්, එම ගැටළුව උසාවිවල අවුරුදු ගණනක් රස්තියාදු වෙමින් නීති තර්ක මතු කරමින් විසඳාගත යුතු ගැටළුවක් නොවන බවත් වෛද්‍ය සභාව සහ රජය විසඳිය යුතු කරුණක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

චෝදනා ලබා සිටින ෂාපි වෛද්‍යවරයාට අමතරව ශ‍්‍රී ලංකාවේ සිසේරියන් සැත්කම් කළ අනෙකුත් සිංහල දෙමළ වෛද්‍යවරුන්ගේ දත්ත රැස්කර ඒවා සසඳා විශ්ලේෂණය කිරීම මගිනුත් මෙම ගැටළුව නිරාකරණය කර ගත හැකියි.

සරළව කිවහොත් ෂාපි වෛද්‍යවරයා සහ අනෙකුත් සිංහල දෙමළ වෛද්‍යවරුන්ගේ සිසේරියන් සැත්කම්වලින් පසුව එම සැත්කම්වලට භාජනය වූ මව්වරුන්ට නැවත දරුවන් නොලැබී යාමේ සම්භාවිතාව සහ එම ප‍්‍රතිශත සිංහල දෙමළ හා මුස්ලිම් හැටියට කොපමණ ද යන්න පිළිබඳ විද්‍යාත්මකව පැහැදිලි කියවීමක් කිරීමෙන් මෙම ප‍්‍රශ්නය විසඳා ගත හැකියි. ඒ වගේම මෙය සංඛ්‍යාන දැනුම ඇති විශ්ව විද්‍යාලයක සිටින ඕනෑම අයෙකුට සතියකින් විසඳාගත හැකි කාරණාවක්.

මෙය වහාම විසඳිය යුතු බැරෑරුම් ගැටළුවක් මන්ද යත් කාන්තාවකට ගර්භාෂය නැති කරනවා යන චෝදනාව සිංහල බෞද්ධයින්ට පමණක් නොවෙයි ලොව ඕනෑම ජාතියකට තම අනාගත පරම්පරාව නැති කරනවා යන හැඟීම ඇතිකරවන සංවේදී කාරණයක්.

මෙවැනි සංවේදී ගැටළුවක් ක්‍ෂණිකවම ඒ වගේම සාධාරණව විසඳිය හැකිව තිබියදී එය උසාවි මාර්ගයට ගෙනගොස් මාස ගණනක් පුරාවට එම කි‍්‍රයාවලිය දිගු වීමට හැර, මුස්ලිම් වෛද්‍යවරුන් පිළිබඳවත්, මුස්ලිම් ජනතාව පිළිබඳවත් සිංහල, බෞද්ධ සමාජය තුළම බිය සැකයක් ඇතිකිරීමට ඉඩ නොදී අදාල ආයතන හා පුද්ගලයින් ඉදිරිපත්ව මෙය වහාම විසඳීමට කටයුතු කළ යුතුයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න